Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th December 2017 10:00:21 Hours

යුද්ධ හමුදා ප්‍රදර්ශන කුටියට ආහාර නිෂ්පාදන ප්‍රදර්ශනයේ ප්‍රථම ස්ථානය

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය සහ ජාතික ජල සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිත ආයතනය (NARA) එක්ව සංවිධානය කරනු ලැබු ‘කොළඹ මුහුදු ආහාර ප්‍රදර්ශනය - 2017’ විහාරමහා දේවි උද්‍යානයේ දී පසුගිය දා (08) පැවැත් වූ අතර, එහිදි අගනුවර ප්‍රමුඛපෙලේ හෝටල් සහ අනෙකුත් වෙළඳ ආයතන විසින් ඉදිරිපත් කරනු ලැබු ප්‍රදර්ශන කුටි අභිබවමින් වාද්දුව යුද්ධ හමුදා ‘ලයා බීච්’ හෝටලය විසින් ඉදිරිපත් කර තිබු ප්‍රදර්ශන කුටිය ප්‍රථම ස්ථානය හිමිකර ගනු ලැබීය.

සිකුරාදා (08) දින පැවැති මෙම ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවය සඳහා ජලජ සම්පත් සංවර්ධන ගරු අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමන්ගේ ආරාධනයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි විය.

රසය හා රුචිකත්වය පිළිබඳ සූපවේදි විවිධත්වයේ ප්‍රධාන ස්ථානයක් බවට කොළඹ පත් කිරිමේ අරමුණින් මෙම මුහුදු ආහාර ප්‍රදර්ශන උත්සවය සංවිධානය කර තිබූණි.

මෙහිදි, හොඳම වෙළඳ කුටිය ලෙස තේරී පත් වූ ලයා බීච් ආයතනය වෙත සහතික පත් හා කුසලානය පිරිනැමිම මුදල් අමාත්‍ය ගරු මංගල සමරවීර මැතිතුමා සහ ජලජ සම්පත් සංවර්ධන ගරු අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා අතින් සිදුවිය.

‘ලයා’ යනු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විනෝදාස්වාදය ලබාදිමේ අරමුණින් කළමණාකරනය කරනු ලබන හෝටල් ජාලයකි. ලයා බීච් වාද්දූව, ලයා සෆාරි යාල, ලයා වේව් පාසිකුඩා සහ ලයා ලෙෂර් කුකුලේගග යනුවෙන් ලයා හෝටල් 4 ක් එම ජාලය තුල ස්ථාපිතව තිබේ.

හිරු, සමුදුර, වෙරළ සහ ශාන්තභාවය කේන්ද්‍ර කර ගනිමින් නිර්මාණය කර ඇති වාද්දුව ලයා බීච් හෝටලය සති අන්ත නිවාඩුගත කරන්නන්ට සහ පුද්ගල, ආයතන උත්සව ප්‍රියසම්භාෂණ ආදිය සඳහා ඉතා ජනප්‍රිය තෝතැන්නක් බවට පත් වී ඇත.

Best Sneakers | NIKE