Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd December 2023 13:56:15 Hours

යුද්ධ හමුදා නත්තල් කැරොල් ගී ප්‍රසංගය - 2023, සම්ප්‍රදායානුකූලව මෙවරත් නෙළුම් පොකුණ රඟහලේදී

අසිරිමත් නත්තල සහ අලුත් අවුරුදු උදාව සනිටුහන් කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් පවත්වනු ලබන යුද්ධ හමුදා වාර්ෂික නත්තල් කැරොල් ගී ප්‍රසංගය පසුගිය බ්‍රහස්පතින්දා (දෙසැම්බර් මස 21) දින පස්වරුවේදී නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්විණි.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ සහ යුද්ධ හමුදා ක්‍රිස්තියානි සංගමයේ ආරාධනයකට අනුව මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් ජී.ඩී.එච් කමල් ගුණරත්න ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී එන්ඩිසී පීඑස්සී එම්ෆිල් (විශ්‍රාමික) සහභාගී විය.

‘සාමයේ කුමරා’ වන ජේසුස් වහන්සේගේ උපත සනිටුහන් කරමින් පැවැත්වූ මෙම උත්සවයේදී සිංහල, දමිළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම ගීතිකා ගායනා කරනු ලැබීය. එම ගීතිකා තුලින් සියලු ලෝකවාසීන් වෙත සාමය සහ සෞභාග්‍යය ප්‍රාර්ථනා කරයි.

යුද්ධ හමුදා ක්‍රිස්තියානි සංගමයේ ලේකම්තුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවති යාඤා මෙහෙයෙන් අනතුරුව චාරිත්‍රානුකූළව උත්සවයේ කටයුතු ආරම්භ විය. කොළඹ අගරදගුරු පදවියේ සහායක රදගුරු අති උතුම් ඇන්ටන් රංජිත් පියතුමන් විසින් නත්තල් පණිවිඩය කියවූවේය.

මෙම නත්තල් කැරොල් ගී ප්‍රසංගය සඳහා ජෙනරල් සී.එස් වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී (විශ්‍රාමික), ජෙනරල් ආර්.එම්.ඩී රත්නායක ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීයූ පීඑස්සී (විශ්‍රාමික) යන හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩිසී පීඑස්සී එම්ෆීල්, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ , නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්‍ෂ ආර්එස්පී වීඑස්වී, යූඑස්පී, එම්එස්සී (එම්ඕඒ) ඇමරිකා එක්සත් ජනපදය, එම්එස්සී (ආරක්‍ෂක අධ්‍යයන) කළමණාකරන, එම්ඒ අයිඑස් සහ එස් (එක්සත් රාජධානිය), බීඑස්සී (ආරක්‍ෂක අධ්‍යයන), එම්අයිඑම් (ශ්‍රී ලංකා), ඒඑම්අයිඊ (ශ්‍රී ලංකා), ආර්සීඩීඑස් පීඑස්සී, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස් පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීයූ, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් එස්.පී.ඒ.අයි.එම්.බී සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සී ඇතුළු සම්භාවනීය ආරාධිතයින් පිරිසක් සහභාගී වූහ.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානිගේ භාර්යාව සුජීවා නෙල්සන් මහත්මිය, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මිය සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ භාර්යාවන් රැසක් ද මෙම ප්‍රසංගය සඳහා එක්වූහ.

‘A King is Born’යන තේමාව පෙරටු කරගනිමින් පැවති මෙම නත්තල් කැරොල් ගී ප්‍රසංගයේදී යුද්ධ හමුදා ගායන කණ්ඩායම්වලට අමතරව ශාන්ත ජෝශප් විද්‍යාලය, කොටහේන යහපත් එඬේරාගේ කන්‍යාරාමය, ශාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ ද මැසනොඩ් විද්‍යාලයේ ගායන කණ්ඩායම් ද එක්ව කැරොල් ගී ගායනා කළහ. යුද්ධ හමුදා ක්‍රිස්තියානි සංගමයේ සභාපති මේජර් ජෙනරල් කේ.පී.එස්.ඒ ප්‍රනාන්දු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ මාර්ගෝපදේශ අනුව එම සංගමයේ ලේකම් මේජර් ජෙනරල් බී.කේ.ජී.එල්.එම්. රොද්‍රිගෝ ආර්එස්පී පීඑස්සී අයිජී සමඟ එක්ව යුද්ධ හමුදා ක්‍රිස්තියානි සංගමයේ සාමාජිකයන් විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා දේවගැති ගරු (ආචාර්ය) නොයෙල් ඩයස් පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් මෙම නත්තල් කැරොල් ගී ප්‍රසංගය පැවැත්වීය.

මෙම අවස්ථාවේදී සම්භාවනීය අමුත්තන් වෙත නත්තල් සුභපැතුම් පිරිනැමීමෙන් අනතුරුව, ‘Namo Mariane’, ‘Silent Night’, ‘Once in Royal’, ‘Christmas Lullaby’, ‘Jingle Bells’, ‘Silent Night’, යනාදි නත්තල් අසිරිය සිහිගැන්වෙන ගීතිකා ගායනා කෙරිණි.