Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th September 2022 16:59:26 Hours

යුද්ධ හමුදා ටයිකොන්ඩෝ ක්‍රීඩකයින් හට නේපාලයේදී පදක්කම් රැසක්

නේපාලයේ පොකාරා නගරයේදී පසුගිය 22 වන දින සිට 25 වන දින දක්වා පැවති 3 වන මවුන්ට් එවරස්ට් ජාත්‍යන්තර විවෘත ටයිකොන්ඩෝ ශූරතාවලිය (3rd Mount Everest International Open Taekwondo Championship) සඳහා යුද්ධ හමුදා ටයිකොන්ඩෝ ක්‍රීඩකයන් 6 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ජාතික ටයිකොන්ඩෝ කණ්ඩායම පදක්කම් හතරක් දිනාගත් අතර, ඉන් පදක්කම් තුනක් යුද්ධ හමුදා ටයිකොන්ඩෝ ක්‍රීඩකයින් විසින් දිනා ගන්නා ලදී.

ශූරතාවලිය සඳහා ඉදිරිපත් වූ 10 දෙනෙකුගෙන් සමන්විත ජාතික ටයිකොන්ඩෝ කණ්ඩායමට යුද්ධ හමුදාව නියෝජනය කරමින් ක්‍රීඩිකාවන්ද සහභාගී වූ අතර, එහිදී යුද්ධ හමුදාව විසින් දිනාගන්නා ලද පදක්කම් ත්‍රිත්වය වෙනුවෙන් එම ක්‍රීඩිකාවන්ද සුවිශේෂී දායකත්වයක් ලබාදෙන ලදී.

ජයග්‍රාහකයින්ගේ විස්තර පහත සඳහන් පරිදි වේ.

Pumse (කේවල අංශය)

සැරයන් අයි ලක්ෂ්මන් - 12 වන ගැමුණු හේවා බලකාය (ලෝකඩ පදක්කම)

Sparring (කේවල - පිරිමි)

කෝප්‍රල් එච්එච්ආර් වනිගසේකර - 12 වන ගැමුණු හේවා බලකාය (ලෝකඩ පදක්කම)

ලාන්ස් කෝප්‍රල් ඒඑම්එස් බණ්ඩාරනායක- 1 වන ගජබා රෙජිමේන්තුව (ලෝකඩ පදක්කම)

ලාන්ස් කෝප්‍රල් පීජීඒආර් කුලසිරි - 8 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය

Sparring (කේවල - කාන්තා)

කෝප්‍රල් ඩබ්ලිව්සී ශ්‍රීමතී - 5 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය

ලාන්ස් කෝප්‍රල් වයිකේඑම් මධුෂානි - 2 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය