Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

යුද්ධ හමුදා කායවර්ධන ක්‍රිඩකයින් Mr Kandy තරඟාවලියේදී රන්, රිදී සහ ලෝකඩ පදක්කම් හිමිකරගනි

‘Mr Kandy කායවර්ධන ශූරතාවලිය - 2021’ තරඟාවලිය පසුගිය සෙනසුරාදා (13) දින මහනුවර ICBT ආයතනයේදී පැවැත්වූ අතර එහිදී, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ කායවර්ධන ක්‍රීඩා සමාජ කිහිපයක් සමඟින් තරඟ වැදුනු යුද්ධ හමුදා කායවර්ධන ක්‍රීඩකයින් රන් පදක්කම් 02 ක්, රිදි පදක්කම් 02 ක් සහ ලෝකඩ පදක්කම් 02 ක් දිනාගැනීමට සමත්වූහ.

මෙම තරඟාවලියේ ජයග්‍රහණය කළ යුද්ධ හමුදා ක්‍රීඩකයින් පහතින් දැක්වේ:

කිලෝග්‍රෑම් 70 බර පන්තිය ශූරතාවය සහ රන් පදක්කම සාමාන්‍ය සෙබල ඩබ්ලිව්.ආර්. ජෝසප්, කිලෝග්‍රෑම් 85 බර පන්තිය රිදී පදක්කම කෝප්‍රල් එම්.ඩබ්ලිව්.කේ.සී. බණ්ඩාර, කිලෝග්‍රෑම් 75 බර පන්තිය රිදී පදක්කම කෝප්‍රල් කේ.එම්.එන්.සී. බණ්ඩාර, කිලෝග්‍රෑම් 90 බර පන්තිය ලෝකඩ පදක්කම සාමාන්‍ය සෙබල එස්.එම්.එන්.එස්. සේනාරත්න සහ කිලෝග්‍රෑම් 75 බර පන්තිය ලෝකඩ පදක්කම කෝප්‍රල් ඒ.අයි. මල්ලවගේ විසින් දිනාගනු ලැබූහ.