Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th March 2022 08:52:31 Hours

යුද්ධ හමුදා කාන්තා සෙබළියන්ගේ දායකත්වය ලෝක කාන්තා දිනයේ යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

විවිධ ක්ෂේත්‍රයන්හි කාන්තාවන්ගේ සමාජ, ආර්ථික, සංස්කෘතික හා දේශපාලන ජයග්‍රහණ සමරන ජාත්‍යන්තර කාන්තා දිනය මාර්තු මස 8 වන දිනට යෙදී ඇත. ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විශේෂ පණිවිඩයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය ඇතුළු සේවා වනිතා ඒකක සභාපතිනියන්, ජ්‍යෙෂ්ඨ කාන්තා නිලධාරිනියන්, අධ්‍යක්‍ෂවරියන්, එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි ඉටුකරනු ලබන කාන්තා සෙබලියන්, එක්සත් ජාතීන්ගේ කාන්තා නිරීක්‍ෂකයින්, විශේෂ කාන්තා මෙහෙයුම් කණ්ඩායම්, බිම්බෝම්බ ඉවත් කිරීමේ කාන්තා සෙබළියන්, යතුරු පැදි ධාවක කණ්ඩාමේ කන්තා සෙබළියන්, කාන්තා පැරෂුට් සෙබලියන්, ක්‍රීඩා ජයග්‍රාහිකාවන්, කාන්තා නවෝත්පාදකයින්, යුධෝපකරණ බලකායේ පරිපාලිකාවන්, යුද්ධ හමුදා සේවා බලකායේ කාන්තා සෙබලියන්, ඉංජිනේරු සෙබලියන්, සංඥා සෙබලියන්, නීති හා ගණකාධිකාරි වෘත්තියේ නිලධාරිනියන්, වෛද්‍ය නිලධාරිනියන්, ඉංග්‍රිසි උපදේශකවරියන් සහ කාන්තා භාෂා පරිවර්තකයින් ඇතුළු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සේවය කරනු ලබන දහස් ගණනක් නිලධාරිනියන් සහ කාන්තා සෙබලියන් වෙනුවෙන් සිය සුභාශිංසන පිරිනැමුවේය.

කාන්තා ජයග්‍රහණ සැමරීම, කාන්තා අභිමානය සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ජාත්‍යන්තර කාන්තා දිනයේ ලොවපුරා කණ්ඩායම් එක්වෙද්දී, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි සුජීවා නෙල්සන් මැතිණියගේ ප්‍රධානත්වයෙන් යුත් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් විසින් 2022 වසරේ ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ‘Break the Bias’ යන තේමාව පෙරදැරීව පනාගොඩදී ‘සෙනෙහසේ කැදැල්ල’ වැඩසටහන සංවිධානය කරන ලදී.

ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් පවත්වනු ලබන මෙම උත්සවය අතරතුරදී කාන්තා නිලධාරිනියන්ගේ සහ කාන්තා සෙබලියන්ගේ වෛද්‍ය අවශ්‍යතා, නිවාස ඉදිකිරීම් අවශ්‍යතා සහ කාන්තා සෙබලියන්ගේ හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ අනෙකුත් අවශ්‍යතා සඳහා මුල්‍යම ප්‍රතිපාදන සම්පාදනය කිරීමට අපේක්‍ෂා කරනු ලබයි.

ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව පැවැත්වෙන මෙම උත්සවය ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි සුජීවා නෙල්සන් මැතිණියගේ ප්‍රධානත්වයෙන් අද (08) දින උදෑසන පනාගොඩදී පැවැත්වේ.