Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd December 2022 19:06:04 Hours

යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් ‘ඉලක්කගත ජයග්‍රහණ සඳහා වර්තමාන සූදානම’ මැයෙන් පුහුණු වැඩසටහනක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා මළල ක්‍රීඩා කමිටුව වෙතින් ඉදිරියේදී පැවැත්වෙන ආරක්‍ෂක සේවා මළල ක්‍රීඩා තරඟාවලිය - 2023 සඳහා යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සූදානම් කිරීමේ පෙර උත්සාහයක් ලෙස ‘ඉලක්කගත ජයග්‍රහණ සඳහා වර්තමාන සූදානම’ යන තේමාව ඔස්සේ යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා බාහිර පුහුණු වැඩසටහනක් පසුගියදා සංවිධානය කරන ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා මළල ක්‍රීඩා කමිටුවේ සභාපති මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා ගේ මගපෙන්වීම මත ශ්‍රී ලංකා යුද්ධ හමුදා මළල ක්‍රීඩා කමිටුව වෙතින් සැලසුම් කර ඇති පුහුණු වැඩසටහන් මාලාවේ පළමුවන පුහුණු වැඩසටහන ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.

මෙම පුහුණු වැඩසටහන ශ්‍රී ලංකා යුද්ධ හමුදා මළල ක්‍රීඩා කමිටුවේ සභාපති මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා සහ කමාන්ඩෝ බලසේනාවේ බලසේනාධිපති හා ශ්‍රී ලංකා යුද්ධ හමුදා මළල ක්‍රීඩා කමිටුවේ ලේකම් බ්‍රිගේඩියර් විජිත හෙට්ටිආරච්චි ගේ ප්‍රධානත්වයෙන් පසුගිය බ්‍රහස්පතින්දා (01) දින ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා මළල ක්‍රීඩා කමිටුවේ ලේකම් විසින් 2025 වර්ෂය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා වන කාලසටහන් මාලාව ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව පැහැදිලි කරමින් ආරම්භක දේශනය පැවැත්වීමෙන් අනතුරුව ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මානසික ඒකාග්‍රතාවය ප්‍රවර්ධනය කිරීම හා මානසික ශක්තිය සහ ආත්ම විශ්වාසය වර්ධනය කරගනිමින් විශිෂ්ඨ ජයග්‍රහණ තහවුරු කිරීම සම්බන්ධව පැහැදිලි කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා මළල ක්‍රීඩා කමිටුවේ සභාපතිතුමන් හරවත් දේශනයක් පවත්වන ලදී.

මෙම වැඩසටහන හා සම්බන්ධ අනෙකුත් සෙසු දේශන සහ එළිමහන් ක්‍රියාකාරකම් විශේෂ බලකා බලසේනාවේ උපදේශක මේජර් ඩබ්ලිව්.ආර්.ඒ.එස්.එම්. රණසිංහ විසින් සිදුකරන ලදී.