Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් බේස්බෝල් ශූරතාව හිමිකරගනී

ශ්‍රී ලංකා බේස්බෝල් ශූරතාවලියේ අවසන් මහා තරඟය නොවැම්බර් මස 27 දින දියගම බේස්බෝල් පිටියේදී පැවැති අතර එහිදී, තම ප්‍රතිවාදීන්ට එරෙහිව විශිෂ්ඨ ලෙස ක්‍රීඩා කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පිරිමි සහ කාන්තා බේස්බෝල් කණ්ඩායම් ජයග්‍රාහකයින් බවට පත්වූහ.  

යුද්ධ හමුදා පිරිමි බේස්බෝල් කණ්ඩායම තම ප්‍රතිවාදීන් වූ ශ්‍රී ලංකා ගුවන් හමුදා බේස්බෝල් කණ්ඩායම සමඟ තරඟ වැදී 7 ට 5 ක් ලෙස තරඟය නිමකරමින් ජය හිමිකරගත්හ.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ බේස්බෝල් ක්‍රීඩා සමාජ කිහිපයක සහභාගීත්වයෙන් පැවති මෙම තරඟාවලිය නොවැම්බර් මස 18 දින සිට 21 දින දක්වා දියගම බේස්බෝල් පිටියේදී පැවැත්විණි.  

මෙම තරඟාවලියේ කාන්තා කණ්ඩායම් තරඟාවලියේදී 26 ට 6 ක් ලෙස පහසු ජයග්‍රහණයකට හිමිකම් කීමට යුද්ධ හමුදා කාන්තා බේස්බෝල් කණ්ඩායම සමත්වූහ.  

මෙම තරඟාවලියේ අවසන් මහා තරඟය නැරඹීම සඳහා යුද්ධ හමුදා ක්‍රීඩා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නිලධාරින් කිහිපදෙනෙකු සහ සෙසුනිලයින් ද එක්වූහ.