Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

යුද්ධ හමුදා ක්‍රිකට් කණ්ඩායම නාවික හමුදා ක්‍රිකට් කණ්ඩායම පරාජය කරති

11 වන ආරක්‍ෂක සේවා ක්‍රීඩා උළෙලට සමගාමීව යුද්ධ හමුදා ක්‍රිකට් කණ්ඩායම සහ නාවික හමුදා ක්‍රිකට් කණ්ඩායම අතර ක්‍රිකට් තරගයක් දොඹගොඩ යුද්ධ හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ඉකුත් සෙනසුරාදා (24) දින පැවත්විණි.

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් යුද්ධ හමුදා ක්‍රිකට් කණ්ඩායම කඩුලු 4 ක් දැවි ලකුණු 514 ක් රැස් කර ගත් අතර පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි නාවික හමුදා කණ්ඩායමට පන්දුවාර 24 පන්දු 05 කදී සියලු දෙනා දැවි ලබාගැනීමට හැකි වූයේ ලකුණු 54 ක් පමණි. ඒ අනුව අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාගැනීමට යුද්ධ හමුදා ක්‍රිකට් කණ්ඩායම සමත්විය.

එම තරඟයේදී යුද්ධ හමුදා ක්‍රිකට් කණ්ඩායමේ, සාමාන්‍ය සෙබල ඩබ්ලිව්. ටී. දිල්ෂාන් ලකුණු 137 ක් ද, මේජර් තිසර පෙරේරා ලකුණු 110 ක් සහ බලලත් නිලධාරී II අසේල ගුණරත්න ලකුණු 107 ක් රැස් කළහ. පන්දු යැවීමේදී සාමාන්‍ය සෙබල ඩබ්ලිව්. ටී. දිල්ෂාන්, සාමාන්‍ය සෙබල මෙන්ඩිස් සහ සාමාන්‍ය සෙබල ප්‍රනාන්දු කඩුලු 2 බැගින් ලබා ගත්හ. Best Authentic Sneakers | FASHION NEWS