Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th December 2022 10:09:03 Hours

යුද්ධ සමයේ සැබෑ සිදුවීම් පාදක කර ගනිමින් ‘හමුදා සාහිත්‍යය’ පිළිබඳ තවත් දේශන මාලාවක්

යුද්ධ හමුදා භටපිරිස් අතර ‘හමුදා සාහිත්‍යය’ පිළිබඳ දැනුම වර්ධනය කිරීමේ අරමුණින් යුද්ධ හමුදා මනෝවිද්‍යා මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මූලිකත්වයෙන් පවත්වනු ලබන හරවත් දේශන මාලාව මෙවරත් ශ්‍රී ලංකා සංඥා බලකායේ රෙජිමේන්තු මධ්‍යස්ථානය සහ කටුකැලියාව බලඇණි පුහුණු පාසල, තිසාවැව යුද්ධ හමුදා සේවා බලකා පුහුණු පාසල, මැණික් ෆාම්හි ස්ථාපිත යාන්ත්‍රික පාබල රෙජිමේන්තු පුහුණු පාසල යන පුහුණු පාසල්හිදී දෙසැම්බර් මාසයේදී පවත්වනු ලැබීය.

යුද්ධ හමුදා මනෝවිද්‍යා මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් ප්‍රකාශයට පත්කරනු ලබන ‘රණවිරුවා’ සඟරාවේ ප්‍රධාන කර්තෘ ලුතිනන් කර්නල් ඊ.ඒ.ඒ සුජිත් චාමින්ද විසින් මෙම දේශනයන් පවත්වන ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට හමුදා සාහිත්‍යයක් එක් කරමින් යුධ සමයේ සැබෑ සිදුවීම් පාදක කොට ගෙන සිත් ඇදගන්නා ලෙස එම සිදුවීම් කෘතින් තුලින් සම්පාදනය කළ ලේඛකයෙක් වන ලුතිනන් කර්නල් ඊ.ඒ.ඒ සුජිත් චාමින්ද, මෙම දේශණයේදී පොදු සමාජයට මතකයෙන් ගිලිහී යන යුද බිමේ මතකයන් සිහිපත් කරමින්, මාතෘ භූමිය වෙනුවෙන් කාය දානය සහ ජීව දානය ලබාදුන් යුද විරුවන්ගේ කැපකිරීම් ඉතා අභිමානවත් ලෙස ගෙන හැර දැක්වීය.