Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

20th February 2017 12:55:51 Hours

යුද හමුදා සැරයන් අසේල ගුණරත්න විශිෂ්ඨ ජයග්‍රහණයක් සඳහා තම කණ්ඩායම රැගෙනයයි

යුද හමුදා සැරයන් අසේල ගුණරත්නගේ සුවිශේෂී දක්ෂතා හේතුවෙන් ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවති විස්සයි 20 තරඟාවලියේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට හිමි වූ අතර, ඉරිදා පැවති තරඟයේ දී ඔහු පන්දු 46 ක දී නොදැවී අගනා ලකුණු 84 ක් ලබාගන්නා ලදි. අසේල ගුණරත්න ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ දෙවන තුවක්කු සෙබලා මෙන්ම විස්සයි 20, එක්දින ජාත්‍යන්තර සහ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් නියෝජනය කළ තුන්වන යුද හමුදා ක්‍රීඩකයා ද වේ.

මීටපෙර, සිම්බාබ්වේ තරඟාවලියේ දී දැක් වූ දක්ෂතා සහ ටෙස්ට් තරඟයක දී ලකුණු 116 ක් ලබාගනැනීම හේතුවෙන් යුද හමුදාපතිවරයා විසින් යුද හමුදා ක්‍රිකට් කමිටුවේ නිර්දේශය මත 2016 නොවැම්බර් 10 වන දින සිට බලපැවැත්වෙන පරිදි ඔහු, සැරයන් නිලයට උසස් කරන ලදි.

ඒ අනුව ඔහුට උපහාරයක් ලෙස යුද හමුදා ක්‍රිකට් කමිටුව විසින් පනාගොඩ දී ඔහුගේ ඡායාරූපයක් ද නිරාවරනය කරනු ලැබීය.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම විස්සයි 20 තරඟාවලියේ දී දින තුනක් තුල දෙවතාවක් අවසන් පන්දුවේ දී ජයග්‍රහණය හිමිකර ගැනීමට සමත්විය. දෙවන තරඟයේ ජයග්‍රහණය සඳහා පන්දු 18 ක් තුල ලකුණු 48 ක් ලබාගැනීමට තිබූ අතර, අවසන් පන්දු 12 තුල ලකුණු 36 ක් ලබාගැනීමට අවශ්‍ය විය. ඒ අනුව සැරයන් ගුණරත්නගේ විශිෂ්ඨ දක්ෂතාවයෙන් එම අභියෝගය ජයගනිමින් ඕස්ට්‍රේලියාවට එරෙහි එම තරඟයේ ද ජය හිමි කරගැනීමට සමත්වූහ. මෙහි තුන්වන සහ අවසන් විස්සයි 20 තරඟය බදාදා (22) දින පැවැත්විමට නියමිතය.

මෙම තරඟයේ දී ඕස්ට්‍රේලියාව ලකුණු 173 ක් ලබාගත් අතර, ජයග්‍රාහි ඉලක්කය සපුරාලීම සඳහා සැරයන් ගුණරත්න විසින් අවසන් පන්දුවාරයේ අවසන් පන්දුවේ දී ලකුණු 4 ක් ලබාගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙනයන ලදි.

මෙම තරඟය නැරඹිම සඳහා පැමිණ සිටි ක්‍රීඩා ලොලීන් 13,647 ක පමණ පිරිසක් මධ්‍යයේ ශ්‍රී ලංකීක ක්‍රිකට් ලොලීන් සියගණනක් ජයග්‍රහණය සමරමින් ප්‍රීතිඝෝෂා නැගුහ.

6 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවට අනුයුක්ත සේවයේ නියිතු සැරයන් ගුණරත්න දක්ෂ දකුණත් පිතිකරුවෙකු මෙන්ම මද වේග පන්දු යවන්නෙකු ද වේ.

best Running shoes brand | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ