Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th December 2022 19:34:26 Hours

යාපනය භටපිරිස්හි මූලිකත්වයෙන් නත්තල් කැරොල් ගී වැඩසටහනක්

යාපනය ප්‍රදේශයේ සේවයේ නියුතු භටපිරිස් අසිරිමත් නත්තල වෙනුවෙන් පසුගිය සිකුරාදා (23) දින සන්ධ්‍යාවේ වඩමාරච්චි කතෝලික දේවස්ථානයේ පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් පේදුරුතුඩුව හාට්ලි විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී නත්තල් කැරොල් ගී ප්‍රසංගයක් පවත්වනු ලැබීය.

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට හා 55 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසන්න ගුණරත්න ගේ මඟපෙන්වීම සහ 551 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ජූඩ් කාරියකරවන ගේ අධීක්‍ෂණය මත එම බලසේනාවේ භටපිරිස් විසින් මෙම නත්තල් කැරොල් ගී ප්‍රසංගය සංවිධානය කරන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 55 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් සහභාගී වූ අතර ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස යාපනය රදගුරු පදවියේ රදගුරු ගරු පී.ජේ. ජෙබරත්නම් පියතුමන් සහභාගී වූවේය.

මයිකල් පියතුමා සහ කන්‍යා සොහොයුරියන්ගේ මාන්කන්ඩු පාරිස් ගීතිකා කණ්ඩායම, ශාන්ත අන්තෝනි දේවස්ථානයේ ගීතිකා කණ්ඩායම, සක්කොටෛයි තරුණ ගීතිකා කණ්ඩායම, ශාන්ත තෝමස් බාලිකා විද්‍යාලීය නර්තන කණ්ඩායම, ශාන්ත තෝමස් දේවස්ථානයේ ගීතිකා කණ්ඩායම, මෙතෝදිස්ත දේවස්ථානයේ නර්තන කණ්ඩායම, කරවෙඩ්ඩි දේවස්ථානයේ ගීතිකා කණ්ඩායම සහ ශාන්ත මරියා දේවස්ථානයේ ගීතිකා කණ්ඩායමේ සුමදුර ගීත ගායනාවන් තුලින් මෙම නත්තල් කැරොල් ගී වැඩසටහන වර්ණවත් කරනු ලැබීය.

මේජර් ජෙනරල් ප්‍රසන්න ගුණරත්න සහ ගරු පී.ජේ. ජෙබරත්නම් පියතුමන් විසින් ගීතිකා ගායනා කළ කණ්ඩායම්හී තරුණ තරුණියන් වෙත ලිපි ද්‍රව්‍ය අඩංගු ත්‍යාග පාර්සල් පරිත්‍යාග කරනු ලැබීය.

මෙම නත්තල් කැරොල් ගී ප්‍රසංගය නැරඹීම සඳහා 552 සහ 553 වන බලසේනාවන්හී බලසේනාධිපතිවරුන්, එම සේනාංකයන්හී මාණ්ඩලික නිලධාරීන්, පේදුරුතුඩුව හිටපු නගරාධිපති ජෝෂප් ඉරුතයා රාජා මහතා, පේදුරුතුඩුව ප්‍රාදේශීය සභාවේ සභාපති චාල්ස් ආරියරත්නම් ආරියකුමාර් මහතා, පේදුරුතුඩුව ප්‍රාදේශීය ලේකම් අල්වායිපිල්ලේ සිරි මහතා, වඩමාරච්චි කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ කේ. සත්‍යපාලන් මහතා, පේදුරුතුඩුව සහකාර පොලිස් අධිකාරී, පේදුරුතුඩුව මූලස්ථාන පොලිස් පරීක්‍ෂක, වඩමාරච්චි ප්‍රදේශයේ පියතුමන්ලා සහ කන්‍යා සොහොයුරියන්, එම ප්‍රදේශයේ සර්වාගමික නායකයින්, ගීතිකා කණ්ඩායම්හී තරුණ තරුණියන්ගේ දෙමාපියන් සහ පේදුරුතුඩුව ප්‍රදේශයේ ක්‍රිස්තියානි වැසියන් ද සහභාගී වූහ.