Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

යාපනය ප්‍රදේශයේ පාසල් ළමුන් පලාලි ගුවන් තොටුපලේ සංචාරයක

යාපනය, කෝපායි නාවලර් දමිළ විද්‍යාලයේ විදුහල්පති කේ. තර්මජීලන් මහතා විසින් යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි වෙත කරන ලද ඉල්ලිමකට ප්‍රතිචාර ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා සම්බන්ධීකරණයෙන් සිකුරාදා (30) දින එම පාසලේ සිසුන් කණ්ඩායමක් සඳහා පලාලි ගුවන් තොටුපලේ සංචාරය කිරීමට අවශ්‍ය සියලු පහසුකම් සපයනු ලැබීය.

ගුරුවරුන් 8 ක් සහ සිසුන් 69 ක් මෙම සංචාරය සඳහා සහභාගි වූ අතර, යුද්ධ හමුදා භට පිරිස් විසින් ඔවුන් වෙත කෙටි ආහාරපාන වලින් සංග්‍රහ කරන ලදි.

මෙම සංචාරයෙන් අනතුරුව එම පිරිස තල් සෙවන නිවාඩු නිකේතනයේ සහ කන්කසන්තුරේ නාවික කඳවුරේ සංචාරයක ද නිරත විය.

jordan Sneakers | adidas Yeezy Boost 350