Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st December 2018 23:58:25 Hours

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ‘අන්තර් ඒකක ප්‍රශ්ණ විචාරාත්මක තරගාවලිය’ තරඟකරුවන් සියගණනකගේ සහභාගිත්වයෙන්

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ සංකල්පයකට අනුව යාපනය ආරක්‍ෂක සේනා බළප්‍රදේශයේ සේවයේ නියතු යුද්ධ හමුදා නිලධාරින් සහ යුද්ධ හමුදා සාමාජිකයින්ගේ දැනුම වර්ධනය කිරීමේ අරමුණින් අන්තර් ඒකක ප්‍රශ්ණ විචාරාත්මක තරගාවලියක් සංවිධානය කරණු ලැබීය. එහිදි එම මූලස්ථානය යටතේ ඇති ඒකක 33 ක් නියෝජනය කරමින් තරගකරුවන් මෙම තරගාවලියේ මූලික තරග සඳහා සහභාගිවනු ලැබීය.

51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රොෂාන් සෙනෙවිරත්න ගේ මග පෙන්වීම යටතේ 51 වන සේනාංකය විසින් මෙම තරගාවලිය සංවිධානය කරනු ලැබු අතර එහි අවසන් වටය යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථාන ශ්‍රවනාගාරයේදි බ්‍රහස්පතින්දා (29) දින පැවැත්විනි. තරගාවලියේ හොඳම කණ්ඩායමට හිමි කුසලානය 10 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා කණ්ඩායම හිමිකරගනු ලැබීය.

මෙම තරගාවලියේ පළමූ වටය සඳහා ඒකක 33 ක් නියෝජනය කරමින් තරගකරුවන් 5 බැගින් වු කණ්ඩායම් තරඟ වැදුනු අතර තරගාවලියේ දෙවන වටය සඳහා කණ්ඩායම් 8 ක් සුදුසු කම් ලැබීය. ඉන් කණ්ඩායම් 4 ක් අර්ධ අවසන් තරඟ සඳහා සුදුසුකම් ලබා ඇති අතර එහිදි කණ්ඩායම් දෙකක් අවසන් වටයට තේරිපත්වී තරඟ වැදිමට අවස්ථාව හිමිකරගනු ලැබීය. මෙම තරගාවලිය නැරඹිම සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් සියගණනකට වැඩි පිරිසක් පැමිණ සිටියහ.

10 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ මේජර් නිශ්සංක රාමනායක හොඳම තරඟකරුවාට හිමි සම්මානය හිමිකරගත් අතර ඔහුගේ කණ්ඩායම හොඳම කණ්ඩායම බවට තේරි පත්විය. තවඳ තරගාවලියේ දෙවන ස්ථානය 1 වන යාන්ත්‍රික පාබල රේජිමේන්තු කණ්ඩායම දිනාගන්නා ලදි.

මෙම ප්‍රශ්ණ විචාරාත්මක වැඩසටහනේ ජයග්‍රාහක කණ්ඩායම් සඳහා යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි විසින් මූල්‍යමය ත්‍යාගයන් ප්‍රධානය කරනු ලැබීය.

මෙම ත්‍යාග ප්‍රධානෝත්සවය සඳහා 51, 52, හා 55 සේනාංකයන්හි සේනාංකාධිපතිවරුන්, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, ගුවන් හමුදා සහ පොලිස් නිලධාරින් මෙන්ම කොමිෂන් නොලත් නිලධාරින් විශාල පිරිසක්ද සහභාගිවිය.affiliate tracking url | Nike SB Dunk High Hawaii , Where To Buy , CZ2232-300 , Worldarchitecturefestival