Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st September 2018 23:18:11 Hours

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපතිතුමන් සිය ධූරයෙන් නික්ම යයි

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති වශයෙන් රාජකාරි කල මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා සිය ධූරයෙන් නික්මයාමේ උත්සවය හමුදා සම්ප්‍රදායානුකුලව සෙනසුරාදා (01) දින එම රෙජිමේන්තු මූලස්ථානයේ දී පැවැත්විණි.

නික්මයාමේ උත්සවය සඳහා සපැමිණි යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපතිතුමන්ට හමුදා සම්ප්‍රදායානුකුල කඳවුරු සම්මාන මුරයක් පිරිනැමීය. අනතුරුව රෙජිමේන්තු කමිටුවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වන බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් විසින් නික්මයන රෙජිමේන්තු අධිපතිතුමන්ව උණුසුම් අයුරින් පිළිගෙන සරඹ භූමිය වෙත කැටුව යන ලදී.

පාබල සේනාංක රථ හා සන්නද්ධ රථ පෙරටු කරගත් යාන්ත්‍රික පාබල රෙජිමේන්තු භට පිරිසෙන් සැදුම්ලත් වර්ණවත් සම්මාන ආචාර පෙළපාලියේ ආචාරය ද නික්මයන රෙජිමේන්තු අධිපතිතුමන් හට පිරිනමනු ලැබීය.

හමුදා සම්ප්‍රදායානුකුල සම්මාන ආචාර පෙළපාලියෙන් අනතුරුව, නික්මයන රෙජිමේන්තු අධිපතිතුමන් රට වෙනුවෙන් දිවිපිදු විරෝධාර රණවිරුවන් සිහිපත් කරමින් රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපාහර පුද කළහ. අනතුරුව පැවැති සියලුනිල තේපැන් සංග්‍රහය සඳහා එක්වූ එතුමන් සියලුදෙනා සමඟ සුහදව අදහස් හුවමාරු කරගත්හ. නික්මයන රෙජිමේන්තු අධිපතිතුමන් සිය කාර්යාලයේ දී නිල ලේඛණ කිහිපයකට අත්සන් තබමින් රාජකාරි අත්හරිනු ලැබීය.

යාන්ත්‍රික පාබල රෙජිමේන්තු නිලධාරින් විසින් සමුගැනීමේ උත්සවයේ දිවා භෝජන සංග්‍රහයක් සුදානම් කර නික්මයන රෙජිමේන්තු අධිපතිතුමන් වෙත පිරිනමන ලද අතර එම අවස්ථාව සඳහා නික්ම යන යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සේවා වනීතා ඒකකයේ සභාපති ශිරෝමී මාසකෝරාළ මහත්මිය ද සහභාගි විය. යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මූලස්ථාන නිලධාරි නිවස්නයේ පැවැති දිවා භෝජන සංග්‍රහය සඳහා සියලු නිලධාරින් හා ඔවුන්ගේ භාර්යාවන් ද එක්ව සිටියහ.

මෙම අවස්ථාවට මතක සටහනක් එක් කරමින්, නික්මයන මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා වෙත එතුමන්ගේ ඡායාරූයක් ප්‍රදානය කරනු ලැබීය. තවද මෙහිදි සුමිත් අතපත්තු මහත්මිය විසින් නික්මයන යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සේවා වනීතා ඒකකයේ සභාපති ශිරෝමී මාසකෝරාළ මහත්මිය වෙත සංකේතාත්මක සමරු තිළිණයක් ද ප්‍රදානය කළහ.

අනතුරුව, නික්මයන රෙජිමේන්තු අධිපතිතුමන් නිලධාරී නිවස්න පරිශ්‍රයේ සිට WMZ 551 B වර්ගයේ සන්නද්ධ රථයකින් ‘ජය ශ්‍රී’ හඬ මධ්‍යයේ උණුසුම් සුභපැතුම් ලබමින් නික්ම යනු ලැබීය.best Running shoes | Vans Shoes That Change Color in the Sun: UV Era Ink Stacked & More – Fitforhealth News