Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th December 2022 18:54:57 Hours

මෙරට තානාපති කාර්යාල සහ මහ කොමසාරිස් කාර්යාලවල ආරක්‍ෂක උපදේශකයින් පිරිසක් ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි නිල සංචාරයක

ඕස්ට්‍රේලියාව, චීනය, කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, නෙදර්ලන්තය, පකිස්ථානය, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය යන රටවල ඉන්දියාවේ පිහිටි තානාපති කාර්යාල සහ මහ කොමසාරිස් කාර්යාලවල ආරක්‍ෂක උපදේශකයින් පිරිසක් පසුගිය බ්‍රහස්පතින්දා (13) දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි නිල සංචාරයක නිරත වූහ.

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් චම්පක රණසිංහ විසින් එම ආරක්‍ෂක උපදේශකයින් පිරිස ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමකින් අනතුරුව වන්නි ප්‍රදේශයේ ආරක්‍ෂාව, ප්‍රජා සංවර්ධනය, සිවිල් - හමුදා සහයෝගීතාව, සංහිදියාව ගොඩනැගීම ආදි කරුණු කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් වන්නි ප්‍රදේශයේ යුද්ධ හමුදා භටපිරිස් සිදුකරනු ලබන කාර්යය භාර්යන්හි වත්මන් තත්ත්වය පිළිබඳව දැනුවත් කරන ලදී.

පැවති සුහඳ සාකච්ඡාව සමාප්තියේදී මේජර් ජෙනරල් චම්පක රණසිංහ විසින් එහි පැමිණි රාජ්‍ය තාන්ත්‍රිකයින් වෙත යුද්ධ හමුදාවේ සුහදත්වය සංකේතවත් කරමින් සමරු තිළිණයන් ප්‍රදානය කරන ලදී.