Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th June 2018 16:03:55 Hours

මීපනාව ඔයේ අතුරුදන්වූ යුද්ධ හමුදා සාමාජිකයාගේ මළ සිරුර සොයාගැනේ

නුවරඑළිය දිස්ත්‍රික්කයේ උඩුපුස්සැල්ලාව, මීපනාව ඔයේ දිය නෑමට ගොස් සැඩ පහරකට හසුව ගසාගෙන ගොස් අතුරුදන්වූ 24 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ සාමාන්‍ය සෙබළ එන්.ඩබ්ලිව්.ඩි.යු. සම්පත් ගේ සිරුර සොයාගැනීමට සඳුදා (4) දින සන්ධ්‍යාවේ 3 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් සමත්විය.

24 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ සාමාන්‍ය සෙබළ එන්.ඩබ්ලිව්.ඩි.යු. සම්පත්, සිය මිතුරන් දෙදෙනෙකු සමඟ සෙනසුරාදා (2) දින මීපනාව උඩුපුස්සැල්ලාව ජල විදුලි බලාගාරය ආශ්‍රීත ඔය මාර්ගයේ දිය නෑමට ගොස් සිටියදී සැඩ පහරට හසුව මෙසේ අතුරුදන් විය.

මේ සිදුවීම පිළිබඳ දැනුම්දීමෙන් අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 112 බලසේනාවට අයත් නුවරඑළිය ප්‍රදේශයේ ස්ථානගත 3 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස්, සඳුදා (4) දින උඩුපුස්සැල්ලාව මීපනාව ඔයේ පිහිනමින් අතුරුදන්වූ යුද්ධ හමුදා සාමාජිකයාගේ සිරුර සොයාගැනීමේ මෙහෙයුම් දියත් කරනු ලැබීය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් උඩුපුස්සැල්ලාව පොලිසිය සහ යුද්ධ හමුදා පොලිසිය වැඩිදුරටත් පරික්‍ෂණ පවත්වනු ලබයි.

Sportswear Design | adidas poccnr jumper dress pants size