Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th October 2020 16:27:44 Hours

මින්නේරිය ‘පාබල නිවහනේ’ නව පිවිසුම් දොරටුව යුද්ධ හමුදාධිපතිතුමන් ගේ සුරතින් විවෘත කෙරේ

යුද්ධ හමුදාවේ ‘පාබල නිවහන’ ලෙස සැලකෙන මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ අද (24) දින සංචාරයක නිරත ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, අභිනවයෙන් ඉදිකළ පිවිසුම් දොරටුව විවෘත කිරීමෙන් අනතුරුව රුක් රෝපණ ව්‍යාපෘතියකට එක්විය. පාබල පුහුණු මධ්‍යස්ථානය වෙත සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්, එම පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක මේජර් ජෙනරල් චම්පක රණසිංහ විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය ද යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පිරිනමන ලදී.

එහිදී, යුද්ධ හමුදා ඉංජිනේරු බළකායේ සහ පාබල පුහුණු මධ්‍යස්ථානයේ භටපිරිස්හි තාක්‍ෂණික දැනුම සහ ශ්‍රමදායකත්වය යොදාගනිමින් අභිනවයෙන් ඉදිකළ පිවිසුම් දොරටුව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් සමරුඵලක නිරාවරණය කර විවෘත කරන ලදී.

ඉන් අනතුරුව, පුහුණු පාසල් පරිශ්‍රයේ සංචාරය කළ යුද්ධ හමුදාධිපතිතුමන් ඉදිකිරීමට යෝජිත ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු පිළිබඳ නිරික්‍ෂණයක නියලෙන ලදී.

පසුව, ‘තුරු මිතුරු - නව රටක්’ ව්‍යාපෘතියට සමගාමීව පාබල පුහුණු මධ්‍යස්ථාන පරිශ්‍රයේ අඹ පැළ 1000 ක් රෝපණය කිරීමේ ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාවට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සමඟින් එම මධ්‍යස්ථානයේ සියළු නිලධාරින් සහ සෙසුනිලයින් එක්ව එම පැළ සිටුවමින් ව්‍යාපෘතියෙහි ආරම්භය සනිටුහන් කරන ලදී.

පාබල පුහුණු මධ්‍යස්ථානයේ නිලධාරින් අමතමින්, සතුරාට එරෙහිව සිදුකළ යුද මෙහෙයුම් වලදී අභියෝගාත්මක කාර්යභාර්යක් සිදුකළ පාබල හමුදාවන්හි ශක්තින් හා හැකියාවන්හි වැදගත්කම පැහැදිලි කළ යුද්ධ හමුදාධිපතිතුමන් එම නිලධාරින් සමඟ සුහදව අදහස් හුවමාරු කරගත්තේය. පසුව, පාබල පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායකතුමන්, පුහුණු මධ්‍යස්ථානයේ කාර්යභාරය හා වගකීම් මෙන්ම පුහුණු පාසලේ ප්‍රගතිය පිළිබඳ සවිස්තරාත්ම විස්තරයක් ඉදිරිපත් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන්ට පැහැදිලි කළේය. පසුව, සේනාවිධායකතුමන් මෙම අවස්ථාව සංකේතවත් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සමරු තිළිණයක් ද පිරිනමන ලදී.

යුද්ධ හමුදාධිපතිතුමන් පුහුණු පාසල් පරිශ්‍රයෙන් නික්ම යාමට ප්‍රථම විශේෂ අමුත්තන් සඳහා වූ පොතේහි සමරු සටහනක් ද තැබීය.

දැඩි සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන් අනුකූලව පැවැති මෙම උත්සවයට නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් චින්තක ගමගේ සහ යුද සේවා ලේකම් මේජර් ජෙනරල් ජයශාන්ත ගමගේ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, අනෙකුත් නිලධාරින් සහ සෙසුනිලයින් රැසක් ද සහභාගි වූහ.

මෙම පාබල පුහුණු මධ්‍යස්ථානය 1984 වසරේදී පිහිටුවන ලද අතර, පාබල ඒකකයන්හි නිලධාරින් හා සෙසුනිලයින් වෙත විශේෂිත උසස් පාඨමාලා මෙන්ම තරුණ නිලධාරි පාඨමාලාව, බලඇණි ආධාරක අවි පාඨමාලාව (නිලධාරි), බලඇණි ආධාරක අවි පාඨමාලාව (සෙසුනිල), ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොළත් නිලධාරි උපක්‍රමික පාඨමාලාව, කොමිෂන් නොළත් නිලධාරි උපක්‍රමික පාඨමාලාව, මෝටාර් ඛණ්ඩ පාඨමාලාව ආදී පාඨමාලා රැසක් පවත්වනු ලබයි. Running Sneakers | Men’s shoes