Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th October 2017 16:09:30 Hours

මිත්‍ර ශක්ති ක්‍රියාන්විත යුධ අභ්‍යාසය ඉන්දියාවේදී ආරම්භ වේ

මිත්‍ර ශක්ති 2017 ක්‍රියාන්විත යුධ අභ්‍යාස සමාරම්භක උත්සවය සිකුරාදා (13) දින ඉන්දියාවේ පූනේහි දෙවන මරාතා පාබල බලඇණි (2 MARATHA Infantry battalion) සරඹ පිටියේ දී පැවැත්විණි.

ක්‍රියාන්විත යුධ අභ්‍යාසයට සහභාගි වන ශ්‍රී ලංකා සහ ඉන්දිය යුද්ධ හමුදාවන් ජාතික ධජයන් පෙරටු කරගනිමින් සරඹ පිටියට ගමන් කල අතර, ශ්‍රී ලංකා යුද්ධ හමුදා භට පිරිසේ නිලධාරි අණදෙන, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මේජර් ජගත් පල්ලේකුඹුර පෙලපාලියේ අණදෙන්නා ලෙස කටයුතු කරන ලදි.

ඉන්දිය යුද්ධ හමුදාවේ 330 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් අලෝක් චන්ද්‍රා (Brigadier Alok Chandra) උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි විය. ශ්‍රී ලංකා ක්‍රියාන්විත යුධ අභ්‍යාස අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් අජිත් පල්ලාවෙල ප්‍රධාන ආරාධිත අමුත්තා සමගින් සම්මාන ආචාර පෙලපාලිය පරික්ෂා කරන ලදී.

ඉන්දියා සහ ශ්‍රී ලංකා ජාතික ධජයන් රැගත් ඉන්දියානු හමුදා හෙලිකොප්ටර් යානා දෙකක් ද මෙම අවස්ථාව වර්ණවත් කරන ලදී. ඉන් අනතුරුව, ප්‍රධාන ආරාධිත අමුත්තා යුධ ක්‍රියාන්විත අභ්‍යාසය ආරම්භ වු බව නිල වශයෙන් ප්‍රකාශ කරන ලදී.

සරඹ පෙලපාලිය පිටියෙන් නික්ම යාමත් සමගින් සංස්කෘතික අංගයන් කිහිපයකින් නරඹන්නන් ප්‍රබෝධයට පත් කළහ.

මෙහිදි, ඉන්දිය ගුර්කා රයිෆල් රෙජිමේන්තු (Gurkha Rifle Regiment) භට පිරිස් ඔවුන්ගේ ප්‍රසිද්ධ කුක්රි නැටුම ඉදිරිපත් කල අතර, ශ්‍රී ලංකා භට පිරිස් උඩරට වෙස් නැටුම් අංගයකින් සංස්කෘතික සංදර්ශනය වර්ණවත් කලහ.

සමාරම්භක උත්සයෙන් අනතුරුව, ඉන්දිය යුද්ධ හමුදාවේ පාබල අවි ආයුධ සහ උපකරණ පිළිබඳ ප්‍රදර්ශනයක් ද එම ස්ථානයේ පැවැත්වු අතර, සියළු නිල තේපැන් සංග්‍රහයකින් උත්සව කටයුතු සමාප්ත විය.

latest jordans | nike air speed turf rose gold price per gram