Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd April 2021 06:00:52 Hours

මාලි රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ සාම සාධක බලකායේ නැගෙනහිර ආඥාපති ශ්‍රී ලංකා සංග්‍රාමික රථ ආරක්‍ෂක භට කණ්ඩයට සුභපැතුම් එක්කරයි

මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSMA) මාස 6 ක දීර්ඝ කාලයක් එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරී සාර්ථකව ඉටුකළ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ දෙවන සංග්‍රාමික රථ ආරක්‍ෂක භට කණ්ඩය (Combat Convoy Company) ඉකුත් බ්‍රහස්පතින්දා (22) දින දිවයිනට පැමිණියහ.

මාලි රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ සාම සාධක බලකායේ නැගෙනහිර ආඥාපති ජ්‍යෙෂ්ඨ කර්නල් ෂූ ජින්සෝ (Senior Colonel Zhu Jinsong) ශ්‍රී ලංකා සංග්‍රාමික රථ ආරක්‍ෂක භට කණ්ඩය (Combat Convoy Company) මාලි රාජ්‍යයේ රාජකාරී නිමාකර දිවයිනට පැමිණිමට පෙර දින එහි සංචාරයක නිරත වූයේය. එහිදි මාලි රාජ්‍යයේ ස්ථාපිත ශ්‍රී ලංකා සංග්‍රාමික රථ ආරක්‍ෂක භට කණ්ඩ (Combat Convoy Company) ඉතා උසස් විනයක් පවත්වා ගනිමින් ලෝකයේ අනෙකුත් සාම සාධක මෙහෙයුම්වලට වඩා දරුණු ක්‍රියාන්විත පවතින මාලි රාජ්‍යයේ මිනුස්මා (MINUSMA) බලකායේ මෙහෙයුම් සඳහා දැක්වූ දායකත්වය සහ සිදුකළ කාර්යභාරය ඇගයීමට ලක් කළේය.

කඳවුරු පරිශ්‍රයට සපැමිණි නැගෙනහිර ආඥාපති ශ්‍රී ලංකා සංග්‍රාමික රථ ආරක්‍ෂක භට කණ්ඩයේ (Combat Convoy Company) නිලධාරී අණදෙන ලුතිනන් කර්නල් ශ්‍රීනාත් ගාල්ලගේ විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව තම රාජකාරී කාළසීමාව තුළ දැක්වූ සහයෝගය වෙනුවෙන් හෙතෙම සිය ස්තූතිය පුද කළේය.

ඉන්පසුව, අලුත් අවුරුද්ද වෙනුවෙන් රසකැවිලි සමග පිළියල කර තිබු තේපැන් සංග්‍රහය නැගෙනහිර ආඥාපති වෙත පිළිගන්වන ලදී. අනතුරුව මෙම අවසථාව සිහිවනු වස් සමූහ ඡායාරූපයකට එක් වූ ඔවුන් මිත්‍රත්වයේ සංකේතයක් ලෙස සමරු සිහිවටන හුවමාරුවක් ද සිදු කළහ.