Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

28th August 2023 22:12:45 Hours

මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ නව සේනාවිධායක රාජකාරි අරඹයි

මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ නව සේනාවිධායක ලෙස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් එල්.ජී.ජේ.එන්. ආරියතිලක ආර්ඩබ්ලිව්පි ආර්එස්පි පසුගිය බදාදා (අගෝස්තු මස 23) දින ආගමික වතාවත් සහ හමුදා සම්ප්‍රදායානුකූලව ධුරයේ රාජකාරි කටයුතු භාරගත්තේය.

පුහුණු පාසල් ප්‍රධාන දොරටුව වෙත සපැමිණි රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් එල්.ජී.ජේ.එන්. ආරියතිලක ආර්ඩබ්ලිව්පි ආර්එස්පි වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව පුහුණු පාසල් අණදෙන නිලධාරිතුමන් විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. ආගමික වතාවත්හි නිරත වීමෙන් අනතුරුව ධූරයේ රාජකාරි කටයුතු භාරගැනීම සනිටුහන් කරමින් බ්‍රිගේඩියර් එල්.ජී.ජේ.එන්. ආරියතිලක ආර්ඩබ්ලිව්පි ආර්එස්පි සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තැබීමෙන් අනතුරුව මෙම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය.

මෙම ධූරයේ රාජකාරි භාරගැනීමට ප්‍රථම බ්‍රිගේඩියර් එල්.ජී.ජේ.එන්. ආරියතිලක ආර්ඩබ්ලිව්පි ආර්එස්පි 512 පාබල බලසේනාවේ බලසේනාධිපති ධූරය හෙබවූවේය. මීට ප්‍රථම මෙම ධූරය හෙබවූ බ්‍රිගේඩියර් කේ.ඒ.ඩබ්ලිව්.එන්.එච්. බණ්ඩාරනායක යූඑස්පී 14 පාබල සේනාංකයේ සේනාංකාධිපති ධූරය සඳහා පත්කෙරිණි.