Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th September 2020 22:53:44 Hours

මාතෘභූමිය වෙනුවෙන් දිවිපිදු වීරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ 132 වන සංවත්සරය සැමරේ

යුද්ධ හමුදාවේ පැරණිතම හා කීර්තිමත් රෙජිමේන්තුවක් වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා රෙජිමේන්තුවේ 132 වන සංවත්සර උත්සවය දේශය වෙනුවෙන් දිවිපිදු එම රෙජිමේන්තුවේ වීරෝදාර රණවිරුවන් අනුස්මරණය කරමින් ඉකුත් බ්‍රහස්පතින්දා (17) දින පනාගොඩ ශ්‍රි ලංකා කාලතුවක්කු හමුදා රෙජිමේන්තු මූලස්ථානයේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක සහ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය ගේ ආරාධනයකට අනුව මෙම සංවත්සර උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහභාගී විය.

පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා රෙජිමේන්තු මූලස්ථානය වෙත යුද්ධ හමුදාධිපතිතුමන් ප්‍රධාන දොරටුව අභියසදී එම රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානූකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය එතුමන් වෙත පුදකරනු ලැබිණි. ඉන් පසුව, එම අවස්ථාවට සැපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්, ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කර්නල් සේනාවිධායක විසින් මහත් හරසරින් යුතුව පිළිගනු ලැබීය.

සංවත්සර උත්සවයේ සමාරම්භය සනිටුහන් කරමින් ජාතික ගීතය, යුද්ධ හමුදා ගීතය සහ කාලතුවක්කු හමුදා ගීතය ගායනා කිරිමෙන් අනතුරුව සියළු ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් උත්සවයේ ආරම්භය සනිටුහන් කරන ලදී. ඉන් අනතුරුව කාලතුවක්කු හමුදා රෙජිමේන්තු මුලස්ථානයේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී මාතෘභූමිය වෙනුවෙන් දිවිපිදු වීරෝදාර රණවිරුවන් අනුස්මරණය කරමින් විනාඩියක නිශ්ශබ්දතාවයක් සනිටුහන් කරන ලදී.

ඉන් අනතුරුව 132 වන සංවත්සර වැඩසටහනට සමගාමීව යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා රෙජිමේන්තුවේ රණවිරු ස්මාරකය අභියස මල් කලබක් තැන්පත් කර රටදැය වෙනුවෙන් දිවිපිදු වීරෝදාර රණවිරුවන්ට සිය ගෞරවාචාරය පුද කර සිටියේය. අනතුරුව එම අවස්ථාවට එක්ව සිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක ඇතුළු සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ දිවිපිදු වීරෝදාර රණවිරුවන්ගේ පවුල්වල ඥාතීන් එක්ව එම ස්මාරකය වෙත පුෂ්පෝපාර පුද කරමින් එම රණවිරුවන්ගේ මතකයන් සිහිපත් කර ගෞරවාචාර පුද කර සිටියේය.

අවසන් වශයෙන් ස්මාරකය අභියසදී බියුගල් නලා ස්වර වාදනය කරමින් මාතෘභූමිය වෙනුවෙන් දිවිපිදු වීරෝදාර රණවිරුවන්ගේ වීරත්වය සිහිකරමින් ඔවුන් සිදු කළ අනගි මෙහෙවරට කෘතගුණ පුද කළහ.

සංවත්සරයට සමගාමීව පැවැති රණවිරු සැමරුම් උත්සවය සඳහා ශ්‍රී ලංකාවේ කාලතුවක්කු හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් ඇතුළු සෙසුනිලයන් සහ මාතෘභූමිය වෙනුවෙන් දිවිපිදු වීරෝදාර රණවිරුවන්ගේ ආදරණිය ඥාතීන් විශාල පිරිසක් සහභාගී වූහ. Running sport media | NIKE AIR HUARACHE