Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

මලල ක්‍රීඩක උෂාන් තිවන්ක පෙරේරා ගේ පුහුණු කටයුතු සඳහා යුද්ධ හමුදාධිපතිතුමන්ගෙන් මුල්‍යමය පරිත්‍යාගයක්

එක්සත් ජනපද ටෙක්සාස් රිලේස් මලල ක්‍රීඩා ශූරතාවලිය (US Texas Relays Athletic Championship) සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ යුද්ධ හමුදා මලල ක්‍රීඩක උෂාන් තිවන්ක පෙරේරා උස පැනීමේ තරඟයේදී මීටර් 2.28 ක් වාර්තා කරමින් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවිය.

මේ වනවිට ඔහු නුඳුරේදී පැවැත්වීමට නියමිත ඔලිම්පික් තරඟාවලින් සඳහා සහභාගි වීමට ඇමරිකා එක්සත් ජනපදයේ පුහුණුව ලබමින් සිටීයි.

යුද්ධ හමුදා මලල ක්‍රීඩා කමිටුවේ සභාපති සහ කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ ගේ ඉල්ලීමකට අනුව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, යුද්ධ හමුදා මලල ක්‍රීඩක උෂාන් තිවන්ක පෙරේරා ගේ දක්‍ෂතාවයන් පිළිබඳ අවධානය යොමුකරමින් අනාගත කටයුතු සාර්ථක කරගැනීම සඳහා මුල්‍යමය දිරිගැන්වීමක් පිරිනැමුවේය. latest Running Sneakers | Vans Shoes That Change Color in the Sun: UV Era Ink Stacked & More – Fitforhealth News