Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th March 2019 08:47:56 Hours

මධ්‍යම භට පිරිස් හදිසියේ ඇතිවූ ගින්නක් මැඩපවත්වයි

බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කොස්ලන්ද ප්‍රදේශයේ පසුගිය අඟහරුවදා (12) දින උදෑසන හදිසියේ ඇතිවූ ලැව්ගින්නක් පිළිබඳ සැලවූ වහාම මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන්ද සිල්වා ගේ උපදෙස් මත එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් යුහුසුළුව ක්‍රියාත්මක වී පැය කිහිපයක් තුල ගින්න මැඩපැවැත්වීමට සමත්විය.

මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් ද සිල්වා ගේ උපදෙස් මත එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු නිලධාරියෙකු සහ යුද්ධ හමුදා සාමාජිකයින් 12 දෙනෙකු යුහුසුළුව එම ස්ථානයට පැමිණ වනජීවි නිලධාරීන් 9 දෙනෙකුගේ සහයෝගය ඇතිව කඩිනමින් ගින්න මැඩපැවැත්වීමට කටයුතු කළහ.

එමෙන්ම, එදින සන්ධ්‍යාවේ මොණරාගල දිස්ත්‍රික්කයේ මැදිරිය, තේරප්පුව ප්‍රදේශයේ හදිසියේ ඇතිවූ ගින්නක් මැඩපැවත්වීමට 121 වන බලසේනාව යටතේ සේවයේ නියුතු එක් නිලධාරියෙක් සහ යුද්ධ හමුදා සාමාජිකයින් 25 දෙනෙකුගෙන් සමන්විත වූ කණ්ඩායමක් සමත්විය. best Running shoes | Air Jordan Release Dates 2021 Updated , Gov