Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th March 2018 08:32:21 Hours

බෝයගනේ විජයබාහු පාබල රෙජිමේන්තු රණවිරුවන් සඳහා ‘ආර්යා’ පදනම විසින් ‘උදාරයි ඔබ’ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි

විජයබාහු පාබල රෙජිමේන්තු රණවිරුවන් සඳහා ‘ආර්යා’ පදනම යටතේ ක්‍රියාත්මක කරනු ලබන ‘උදාරයි ඔබ’ ව්‍යාපෘතියට සමගාමීව ‘මානසික සංවර්ධනය, සදාචාරය සහ සෞඛ්‍යමය වටිනාකම්’ පිළිබඳ වැඩමුළුවක් සහ පරිත්‍යාග බෙදාදීමේ උත්සවයක් සෙනසුරාදා (3) දින බෝයගනේ විජයබාහු පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ‘ද සැලියුට්’ උත්සව ශාලාවේ දී පවත්වන ලදී.

රණක්‍ෂිතයට හා ආබාධිත තත්වයන්ට පත්වූ රණවිරුවන්ගේ හැකියාවන් හඳුනාගැනීම සහ ඔවුන් දිරීගැන්වීමේ අරමුණින් යුතුව නිර්මාණය කරන ලද මෙම ව්‍යාපෘතිය විජයබාහු පාබල රෙජිමේන්තු අධිපති මෙන්ම කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරනු ලැබු අතර මෙම වැඩසටහන ආරම්භ කිරීමට මත්තෙන් ‘ආර්යා’ පදනමේ සමාජිකයන් හා විජයබාහු පාබල රෙජිමේන්තු අධිපතිතුමන් විසින් විජයබාහු පාබල රෙජිමේන්තු රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපාර දක්වන ලදී.

‘ආර්යා’ පදනමේ අනුග්‍රහයෙන් පවත්වනු ලැබු මෙම වැඩමුළුව සහ පරිත්‍යාග බෙදාදීමේ උත්සවයේදී රණක්‍ෂිතයට පත් විජයබාහු පාබල රෙජිමේන්තු රණවිරුවන් සඳහා අත්වාරු, කෘතීම පාද සහ අනෙකුත් වෛද්‍ය උපකරණ මෙන්ම තෝරාගත් අවශ්‍යතා සහිත පාසල් සිසුන් 11 ක් වෙනුවෙන් අධ්‍යාපන කටයුතු සඳහා ශිෂ්‍යත්ව හා පාසල් උපකරණ බොදාදීමක් ද සිදුකරන ලදී.

මේ සඳහා ආර්යා පදනමේ විධායක නිලධාරි හිටපු යුද්ධ හමුදාධිපති ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ (විශ්‍රාමික), ආර්යා පදනමේ සභාපති චරිත් කිරිඇල්ල, කලාකරුවන්, වෘත්තීයවේදින් හා ව්‍යාපාරිකයින් කිහිපදෙනෙකු ඇතුළු ආර්යා පදනමේ සාමාජිකයින් කිහිපදෙනෙකු ද සහභාගි වූහ. මෙවැනි වැඩසටහනක් සංවිධානය කිරීම පිළිබඳව ‘ආර්යා’ පදනමේ නිලධාරින් හට විජයබාහු පාබල රෙජිමේන්තු අධිපතිතුමන් විසින් සිය කෘතඥතාවය පුදකර සිටි අතර ඔවුන් හට මෙම අවස්ථාව සිහිපත්වීම සඳහා සමරු ඵලක ද පිලිගන්වන ලදී.

මෙම වැඩසටහන අවසානයේ ‘ආර්යා’ පදනමේ සාමාජිකයින් හා විජයබාහු පාබල රෙජිමේන්තු රණවිරුවන් එම රෙජිමේන්තු මධ්‍යස්ථාන නිලධාරි නිවස්නයේදී පවත්වන ලද දිවා භෝජන සංග්‍රහය සඳහා එක්වු අතර මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ශ්‍රීනාත් ආරියසිංහ ඇතුළු ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ නිලධාරින් 50 ක් සහ සෙසුනිලයින් 500 කට වැඩි පිරිසක් මේ සඳහා සහභාගි වුහ.

jordan release date | Mens Flynit Trainers