Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th October 2022 21:00:04 Hours

බැටරි සහ ටයර් නිසි ලෙස භාවිතා කිරීම පිළිබඳ යුද්ධ හමුදා භටපිරිස් දැනුවත් කෙරේ

ඉදිරි නඩත්තු පෙදෙස - උතුර මූලස්ථානයේ අධීක්‍ෂණය මත යුද්ධ හමුදා රථ වාහනවල බැටරිය භාවිතය සහ ටයර් නඩත්තු කිරීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය සිකුරාදා (14) දින 5 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා කඳවුරේදී පැවැත්විණි.

මෙම වැඩසටහනේදී, ටයර් නිසි ලෙස නඩත්තු කිරීම, ටයර් නැවත පිරවීම, ටයර් වර්ගීකරණය සහ ඵලදායීව භාවිතා කිරීම පිළිබඳ CEAT පුද්ගලික සමාගමේ නියෝජිතයින් විසින් මනා අවබෝධයක් ලබාදෙන ලදී.

මේ අතර, බ්‍රවුන්ස් පුද්ගලික සමාගම වෙතින් බැටරියක කල්පැවැත්ම සහ කාර්යක්‍ෂමතාවය නිසි අයුරින් කළමණාකරණය කිරීම සඳහා බැටරියේ නිවැරදි නඩත්තුව සහ ඵලදායී ලෙස දීර්ඝ කාලීන භාවිතය පිළිබඳ දැනුවත් කිරීමක් සිදුකරන ලදී.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 72 දෙනෙකු මෙම වැඩසටහන සඳහා එක්වූහ.