Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

බර ඉසිලීමේ තරඟාවලියේ ශූරතාවය යුද්ධ හමුදා බර ඉසිලීමේ ක්‍රීඩකයින්ට

ජාතික සංචිත නියෝජිතයින්ගේ බර ඉසිලීමේ තරඟාවලිය බ්‍රහස්පතින්දා (28) පොලොන්නරුව බර ඉසිලීමේ ක්‍රීඩාංගණයේදී පැවැත්වුණු අතර එහිදී යුද්ධ හමුදාව නියෝජනය කළ ක්‍රීඩකයින් තරඟාවලියේ ශූරතාවය දිනාගැනීමට සමත්වූහ.

6 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ ලාන්ස් කෝප්‍රල් වයි.ඩී.අයි කුමාර කිලෝග්‍රෑම් 55 බර පන්තිය නියෝජනය කළ අතර කිලෝග්‍රෑම් 111 ක් ස්නැච් ක්‍රමයට (snatch method) මෙන්ම කිලෝග්‍රෑම් 140 ක්ලින්ච් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට (Clinch & Jerk method) ඔසවමින් ඔහු මුළු බර කිලෝග්‍රෑම් 251 ඔසවා නව ශ්‍රී ලංකා වාර්තා 3 ක් බිහි කළේය.

එමෙන්ම, කොමාන්ඩෝ රෙජිමේන්තුවේ සැරයන් ජේ.ඒ.සී. ලක්මාල් කිලෝග්‍රෑම් 61 සහ ස්නැච් ක්‍රමයට (snatch method) කිලෝග්‍රෑම් 112 ක්ද, ක්ලින්ච් ඇන්ඩ් ජර්ක් ක්‍රමයටද (Clinch & Jerk method) කිලෝග්‍රෑම් 140 එසවීමට ද සමත් වූයේය.

ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ සැරයන් ඒ.ජී.එස්. අබේවික්‍රම කිලෝග්‍රෑම් 102 බර පන්තිය නියෝජනය කරමින් තරඟ වැදුණු අතර ස්නැච් ක්‍රමය (snatch method) යටතේ කිලෝග්‍රෑම් 130 ක් සහ ක්ලින් ඇන්ඩ් ජර්ක් ක්‍රමය (Clinch & Jerk method) යටතේ කිලෝග්‍රෑම් 165 ක් ඔහු එසවිය. ඒ අනුව, ඔහු එසවු මුළු බර කිලෝග්‍රෑම් 295 කි. Mysneakers | Air Jordan 1 Retro High OG Retro High OG Hyper Royal 555088-402 , Fitforhealth