Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th June 2018 22:05:16 Hours

බටහිර ආරක්‍ෂක සේනා මුලස්ථාන භට පිරිස් ගංවතුර ආපදා තත්වයෙන් පසු තවදුරටත් එම ප්‍රදේශයන් පිරිසිදු කිරීමේ කටයුතු වල නියැලේ

පසුගිය දින කිහිපය පුරාවට පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වූ ගංවතුර තත්ත්වය නිසා ගම්පහ, කොළඹ සහ පුත්තලම යන ප්‍රදේශයන් හි අපද්‍රව්‍ය එකතුවීමෙන් දුෂීත පානීය ජල ළිං පිරිසිදු කිරීමේ කටයුතු බටහිර ආරක්‍ෂක සේනා මුලස්ථානයට අයත් යුද්ධ හමුදා භට පිරිස් විසින් යුද්ධ හමුදාවේ ජල පොම්ප උපයෝගී කරගනිමින් දැනටමත් සිදුකරමින් පවතී.

බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 14 වන සේනාංකයේ භට පිරිස් විසින් වතුර පොම්ප ආධාරයෙන් දූෂිත ජලය බැහැර කිරීමේ කටයුතු මෙන්ම අනෙකුත් මානුෂීය ගැටළු සඳහා ද අවශ්යභ පහසුකම් සලසා දෙනු ලබයි.

141 වන බලසේනාංකයට අයත් 8 වන ශ‍්‍රී ලංකා පාබල හමුදාවේ භට පිරිස් විසින් බදාදා (06) දින වන විට ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මාගලේගොඩ ප්‍රදේශයේ පානීය ජල ළිං 26 ක් පමණ සම්පුර්ණයෙන් පිරිසිදු කර ඇති අතර බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ගේ උපදෙස් අනුව එම ආරක්‍ෂක සේනා භට පිරිස් ගංවතුර ආපදා තත්වයෙන් පසු තවදුරටත් එම ප්‍රදේශයන්හි වෙසෙන ජනතාව සඳහා සහන ලබාදීමේ විවිධ ව්‍යාපෘතින් රැසක් ක්‍රියාත්මක කරමින් පවතී.

මෙම ව්‍යාපෘතිය යටතේ 14 වන සේනාංක භට පිරිස් විසින් වේවැල්දෙණිය, හීන්දෙණිය, පට්ටියගොඩ, දරළුව, පට්ටියපොල, මාගලේගොඩ, ආරච්චිකට්ටුව සහ බමුණුකොටුව යන ප්‍රදේශයන්හි ද පැවති අයහපත් කාලගුණික තත්වයෙන් පසු පානීය ජල ළිං 110 ක් පමණ පිරිසිදු කර ඇත.

Asics shoes | Air Jordan Retro - 2021 Release Dates + Preview , Fitforhealth