Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th November 2015 21:32:26 Hours

බටහිර ආරක්ෂක සෙබලුන්ගෙන් ආහාර ද්‍රව්‍ය බෙදාදීමක්

58 වන සේනාංකයට අයත් 581 බල සේනාවේ 3 වන (සෙව්) ගැමුණු හේවා බලඇණියේ සෙබලු කොළඹ කාන්තා විදුහලේ ‘යුනියන් නේෂන්ස් ක්ලබ්’ සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල සමඟින් එක්ව සෙනසුරාදා (14) දින මාතර, කුඩගලහේන ප්‍රාථමික විදුහලේ දී සමාජ සත්කාරක සේවාවන් ක්‍රියාත්මක කරනු ලැබීය. එහි දී පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් අඩුආදායම්ලාභි පවුල් 64 ක් වෙනුවෙන් එල්ඊඩී සෝලාපවර් විදුලි බල්බ සහ වියළි ආහාර පාර්සල් බෙදාදීමක් සිදු කෙරිනි. 3 වන (සෙව්) ගැමුණු හේවා බලඇණියේ අණදෙන නිලධාරි මේජර් ජේ.ඩබ්.කේ ගමගේ ඇතුළු එම බලඇණියේ නිලධාරින් සහ සෙසු නිලයින් පිරිසක් මෙම අවස්ථාවට එක්වුහ.Nike air jordan Sneakers | Nike Dunk Low Disrupt Pale Ivory - Grailify