Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th April 2021 15:03:28 Hours

බංගලාදේශයේ පැවති යුද අභ්‍යාසයට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව එක්වෙති

බංගලාදේශ යුද්ධ හමුදාවේ ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් 30 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අප්‍රේල් මස4 සිට 12 දින දක්වා බංගලාදේශයේ පැවති ‘Shantir Ogrishena-2021’ අභ්‍යාසය සඳහා සහභාගී වූහ.

බංගලාදේශයට නිදහස ලැබී අවුරුදු 50 ක් සපිරීම සහ බංගලාදේශ නිදහස් සටනේ පුරෝගාමියෙකු වූ බංගාබන්ධු ෂෙයික් මුජිබර් රහුමාන්ගේ (Bangabandhu Sheikh Mujibur Rahman) උපන්දින ශත සංවත්සරය සැමරීම වෙනුවෙන් මෙම අභ්‍යාසය සංවිධානය කර ඇත.සාම සාධක මෙහෙයුම්, තර්ජන සඳහා ප්‍රතිචාර දැක්වීම, මහජනයා සහ හමුදාව ආරක්‍ෂා කිරීම, බිහිසුණු වැටලීම් සහ තවත් අභ්‍යාස රැසකින් සමන්විත මෙම අභ්‍යාසය ‘ජමුනා’ නදිය අසල හමුදා ජනපදයේදී ආරම්භ කරන ලදී.

මෙම අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරමින් විෂය කරුණු විශේෂඥයින් තිදෙනෙකු, විෂය විශාරදයින් තිදෙනෙකු සහ නිරීක්‍ෂකයින් දෙදෙනෙකු ඇතුළුව නිලධාරීන් 5 දෙනෙකු සහ සෙසු නිලයන් 25 දෙනෙකු සහභාගී වූහ. මෙම අභ්‍යාසයට රාජකීය භූතාන හමුදාව, ඉන්දියානු හමුදාව, ශ්‍රී ලංකා හමුදාව සහ බංගලාදේශ හමුදා භටපිරිස් ක්‍රියාකාරීව දායක වූ අතර සෞදි අරාබිය, එක්සත් ජනපදය සහ නේපාලය යන රටවල් නියෝජනය කරමින් යුද්ධ හමුදා නිරීක්‍ෂකයින් 11 දෙනෙකු ද සහභාගී වූහ.

බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල බහු ආංශික තාක්‍ෂණික ආර්ථික සහයෝගීතාව (BIMSTEC) සඳහා වන එකමුතුවේ සාමාජිකයෙකු වන ෂෙයික් මුජිබර් රහුමාන් (Sheikh Mujibur Rahman) බංගලාදේශය සෑම වසරකම අනුස්මරණය කරයි. සාමය උදෙසා ඔහු දැක්වූ සහයෝගය වෙනුවෙන් 1973 වසරේදී ලෝක සාම කවුන්සිලය විසින් ජුලියට්-කියුරි (Joliot-Curie) පදක්කම එතුමන් ලබා ගත්තේය.

එහිදී,සියලුම හමුදාවන්ගේ නියෝජනයෙන් වර්ණවත් පෙළපාළියක් පැවැත්වූ අතරඑම පෙළපාලිය බංගලාදේශ යුද්ධ හමුදාවේ යුද්ධ හමුදාධිපති ජෙනරල් අසීස් (General Azis) විසින් මෙහෙයවන ලදී.

මෙම අභ්‍යාසයේ ආරම්භක උත්සවය සඳහා ඉන්දියානු යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි, රාජකීය භූතාන හමුදාවේ නියෝජ්‍ය ප්‍රධාන මෙහෙයුම් නිලධාරි,මධ්‍යම අප්‍රිකානු කලාපයේ එක්සත් ජාතීන්ගේ මෙහෙයුම් අණදෙන නිලධාරි සහ මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ මෙහෙයුම් අණදෙන නිලධාරිසහභාගී වූහ.

අභ්‍යාසයේ සමාප්ති උත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස බංගලාදේශයේ ගරු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මැතිණිය (Sheik Hasina) සහභාගී වූ අතර මෙම අභ්‍යාසය සඳහා සහයෝගය දැක්වූ දේශීය හා ජාත්‍යන්තර හවුල්කරුවන් රැසක් සමරු තිළිණ ප්‍රදානය සඳහා එක්වූහ.