Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th February 2018 15:16:18 Hours

බංගලාදේශ ආරක්ෂක උපදේශක කිලිනොච්චි ප්‍රදේශයේ යුද්ධ හමුදා කාර්යභාර්ය පිළිබඳ අධ්‍යයනයක

ශ්‍රී ලංකාවේ පිහිටි බංගලාදේශ මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කොමදෝරු සයිඩ් මක්සුමුල් හකීම් (Syed Maksumul Hakim) සෙනසුරාදා (17) කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයේ දී එම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන හමුවිය.

එහි දී කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති විසින් ප්‍රදේශයේ සිදු කරනු ලබන සිවිල් හමුදා සම්බන්ධිකරණ කටයුතු පිළිබඳව ආරක්ෂක උපදේශක දැනුවත් කළ අතර, මෙම සුහඳ හමුව සනිටුහන් කරමින් සමරු තිළණ හුවමාරුවක් ද සිදු කෙරිණි.

එමෙන්ම, බංගලාදේශ ආරක්ෂක උපදේශක 66 වන සේනාංක මූලස්ථාන පරිශ්‍රයේ සංචාරයක නියැළුණු අතර, එහිදි එතුමන්ව එම සේනාංකයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි ලුතිනන් කර්නල් එරන්ද රත්නායක විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව 66 වන සේනාංකයේ කාර්යභාරය හා වගකීම් පිළිබඳව දැනුවත් කළහ. එදින සන්ධ්‍යාවේ 66 වන සේනාංක මූලස්ථාන පරිශ්‍රයේ පැවති සංස්කෘතික ප්‍රසංගයකට ද එතුමන් සහභාගි විය.

ඉරිදා (18) දින 57 වන සේනාංකයේ සංචාරයක නිරත වූ ආරක්ෂක උපදේශක තුමන් එම සේනාංකයේ වගකීම් හා කාර්ය භාර්යයන් පිළිබඳව ද දැනුවත් වන ලදී.

තවද, එතුමාගේ කිලිනොච්චි සංචාරය නිමා කරමින් විශේෂ අමුත්තන් සඳහා වූ පොතේහි සමරු සටහනක් තැබීය.

Best Nike Sneakers | 2021 New adidas YEEZY BOOST 350 V2 "Ash Stone" GW0089 , Ietp