Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th June 2020 21:34:47 Hours

පොසොන් උත්සවය නිමිත්තෙන් යුද්ධ හමුදාව විසින් සිදුකළ ‘ආමිස’ පූජාව යුද්ධ හමුදා මුලස්ථානය අවට ප්‍රදේශය ආලෝකමත් කරයි

පොසොන් පුර පසොලොස්වක පොහෝ දින වැදගත්කම වෙත ප්‍රමුඛත්වයක් ලබාදෙමින් බත්තරමුල්ල, ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයට පිවිසෙන මාර්ගයේ යුද්ධ හමුදාවේ රෙජිමේන්තු 24 ක් නියෝජනය කරමින් ඉදිකළ වර්ණවත් පහන් කූඩුවලින් අලංකාරවත් වූ ‘ආමිස’ පූජාව සෞඛ්‍යාරක්‍ෂක උපදෙස් හා සමාජ දුරස්ථභාවය පවත්වාගැනීමට මුල්තැනක් දෙමින් 6 සහ 7 දිනයන්හි මෙන්ම අද (08) දිනත් ප්‍රදර්ශනය කෙරිණි.

දිවයින පුරා කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා සියලුම පාර්ශවකරුවන් සමඟ එක්ව අනගිභවනීය කාර්යභාරයක් ඉටුකරමින් සිටින යුද්ධ හමුදා සාමාජිකයින්ගේ මානසික ඒකාග්‍රතාවය තවත් වර්ධනය කිරීමේ අරමුණින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, සියවස් ගණනාවක පෙර රටේ ආගමික, සංස්කෘතික හා සමාජ පුනරුදයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් අරහත් මිහිදු මහා රහතන් වහන්සේ ලක්දිවට වැඩමකිරීම නිමිත්තෙන් සමරනු ලබන පොසොන් පුර පසොලොස්වක පොහෝදිනට සමගාමීව වර්ණවත් ‘පොසොන් කලාපයක්’ පැවැත්වීමට අලංකාරවත් පහන්කූඩු ඉදිකරන ලෙස යුද්ධ හමුදාවේ රෙජිමේන්තු 24 වෙත උපදෙස් ලබාදෙති.

යුද්ධ හමුදා මුලස්ථානය අවට අලංකාරවත් ලෙස ඉදිකෙරුණු ‘පොසොන් කලාපය’ ඉකුත් බදාදා (03) දින සන්ධ්‍යාවේ ආලෝකවත් කළ යුද්ධ හමුදාධිපතිතුමන් මෙම පොසොන් කලාපය නරඹන අතරවාරයේ, රෙජිමේන්තු මට්ටමින් ඉදිකළ මෙම නිර්මාණ සඳහා කැපවූ තම සෙබලුන් සමඟින් සුහදව අදහස් හුවමාරු කරගන්නා ලදී.

අලංකාරවත් ලෙස ආලෝකමත් වූ සෑම පහන් කූඩුවක්ම බුදුරජාණන් වහන්සේගේ ජාතක කථා වස්තුවක් විස්තර කර ඇති අතර ඒවායින් සමහරක් කූඩු යාන්ත්‍රික ක්‍රියාකාරිත්වය තුළින් අලංකාරවත් විය. මෙම පොසොන් කලාපය නැරඹීම සඳහා ප්‍රේක්‍ෂකයින් විශාල පිරිසක් පැමිණියහ. එම පහන්කූඩු අසල සමාජ දුරස්ථභාවය සහ අනෙකුත් සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රමවේදයන් පවත්වාගෙන යාමට ද භට පිරිස් පියවර ගත්හ. jordan release date | Nike Running