Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th January 2018 21:18:09 Hours

පොලොන්නරුව ප්‍රදේශයේ යුද්ධ හමුදා භට පිරිස් අනෙකුත් ආරක්ෂක සේවාවන් සමඟ එක්ව නව අවුරුදු පාගමනක

යුද්ධ හමුදා සාමාජිකයින් බහුතරයක් ඇතුලුව ත්‍රිවිධ හමුදා සමාජිකයින් 250 කට වැඩි පිරිසක් සියලු සේවා කටයුතුවල නිරත අයවලුන් ද සමඟ එක්ව ජනාධිපති ලේකම් කාර්යාලයේ ‘රජරට නවෝදය’ ව්‍යාපෘතිය යටතේ දැනට ක්‍රියාත්මක ‘පිබිදෙමු පොළොන්නරුව’ සංවර්ධන ව්‍යාපෘතිය වෙනුවෙන් 2018 නව අවුරුදු උදාවට සමගාමිව බ්‍රහස්පතින්දා (4) දින පොලොන්නරුව නගරයේ ප්‍රධාන මාර්ග හරහා පාගමනක නිරතවිය.

කිලෝමීටර් 5 ක් පමණ දුර ප්‍රමාණයක පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් රංජිත් ආරියරත්න මහතා ගේ මූලිකත්වයෙන් සිදු කරන ලද මෙම පාගමනට ‘පිබිදෙමු පොලොන්නරුව’ ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් චන්දන විජේසුන්දර, රාජ්‍ය නිලධාරීන්, යුද්ධ හමුදා, නාවික හමුදා සහ ගුවන් හමුදා සාමාජිකයින්, ඉංජිනේරු සේවා බලකායේ තුර්යවාදක කණ්ඩායමේ සාමාජිකයින් සහභාගි වූ අතර, ‘පිබිදෙමු පොලාන්නරුව’ කාර්යාල භූමියෙන් ආරම්භ වූ මෙම පාගමන ඇල - 4 සීවලි ආදර්ශ විද්‍යාලය දක්වා ගමන්කොට ආපසු එම මාර්ගය හරහාම ‘පිබිදෙමු පොලොන්නරුව’ කාර්යාලය ස්ථාපිත ‘ධවලගිරි’ ගොඩනැගිල්ල වෙත පැමිණෙන ලදි.

‘එක් කණ්ඩායමක් වෘත්තීය දායකත්වයෙන් හා සමඟියෙන් එක් අරමුණකට’ යන තේමාවෙන් රාජ්‍ය නිලධාරීන් සහ ‘පිබිදෙමු පොලොන්නරුව’ කාර්යාල කාර්ය මණ්ඩලය අතර අවබෝධය සහ සහයෝගය වැඩිදියුණු කරමින් පොදු ඉලක්කයකට ළඟාවීමේ අරමුණින් මෙම පාගමන සංවිධානය කරන ලද අතර, මහජනතාවගේ ආකර්ෂණය ද මෙම වැඩසටහන වෙත යොමු විය.

මේ අතර, ‘පිබිදෙමු පොලොන්නරුව’ ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් චන්දන විජේසුන්දර ගේ මූලිකත්වයෙන් එම ව්‍යාපෘතියේ රාජකාරින් හි නිරත සියලුම සේවකයින්ගේ විනෝදාස්වාදය වෙනුවෙන් දෙසැම්බර් මස අවසන් සතියේ විශේෂ සංගීත සැඳැවක් ද පැවැත්විය.

පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් රංජිත් ආරියරත්න මහතා, රාජ්‍ය නිලධාරීන්, ව්‍යාපෘති අධ්‍යක්ෂ, ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සහ අනෙකුත් ආරාධිතයින් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

latest Running | Sneakers