Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th November 2017 12:54:49 Hours

පුපුරණ ද්‍රව්‍ය හඳුනාගන්නා සූනඛයින් 8 දෙනෙකු සහ ඔවුන් හසුරවන්නන් හට ප්‍රවීණතා ලාංජන පළඳවයි

14 වන ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ පුහුණුව ලබා විසිර යන පුපුරණ ද්‍රව්‍ය හඳුනාගන්නා සූනඛයින් 8 දෙනෙකු සහ ඔවුන් හසුරවන්නන් වෙත ප්‍රවීණතා ලාංජන පැළදවීම පසුගියදා මත්තේගොඩ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු ක්‍රීකට් ක්‍රීඩාංගනයේ පැවැති විසිරයාමේ පෙළපාලියක දී සිදුවිය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරාල් ඩඩ්ලි වීරමන්ගේ ආරාධනයෙන් මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස බටහිර ආරක්ෂක සේනා ආඥාපති මෙන්ම ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ සහභාගි විය.

අභිනවයෙන් පුහුණුව ලැබ විසිර යන මෙම පුපුරණ ද්‍රව්‍ය හඳුනාගන්නා සූනඛයින් සහ ඔවුන්ගේ හසුරවන්නන් මෙහිදි ඔවුන්ගේ දස්කම් විදහාපාමින් එම අවස්ථාවට සහභාගිවුවන්ගේ අත්පොළසන් හඬ මධ්‍යයේ ප්‍රදර්ශන අංගයන් කිහිපයක් ද ඉදිරිපත් කළහ.

පුපුරණ ද්‍රව්‍ය හඳුනාගන්නා සූනඛයින්ට ප්‍රවීණතා ලාංජන පැළදවීමෙන් අනතුරුව, 143 රසායනික ජීවවිද්‍යාත්මක විකිරණශීලි සහන්‍යෂ්ඨික ප්‍රතිචාර බලඝණයේ (CBRN) නිලධාරින් සහ සෙසුනිලයින් විසින් එම උත්සව අවස්ථාවේ දී රසායනික ප්‍රහාරයක් හමුවේ ක්‍රියාත්මක වන අයුරු යුද අභ්‍යසයකින් ප්‍රදර්ශය කල අතර, එම පුහුණු ආකෘතීය යුද්ධ හමුදා ඉතිහාසයේ බෝහෝවිට ප්‍රථම වතාවට සිදු කරන ලද්දකි.

14 වන රසායනික ජීවවිද්‍යාත්මක විකිරණශීලි සහ න්‍යෂ්ඨික ප්‍රතිචාර බලඝණය විසින් සිදුකරනු ලබන හමුදා ක්ෂේත්‍ර රාජකාරින් අගයමින් රසායනික ජීවවිද්‍යාත්මක විකිරණශීලි සහ න්‍යෂ්ඨික ප්‍රතිචාර වෙනුවෙන් පිරිනමනු ලබන පිළිගත් සංකේත පළඳනාවද එහිදි එම බලඝණයට පිරිනමන ලදි. එම බලඝණයේ සියළු නිලධාරින් සහ සෙසුනිලයින් නියෝජනය කරමින් එම බලඝණ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ප්‍රදිප් සිරිවර්ධන වෙත අදාළ ලාංජනය ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු බලකායේ කර්නල් සේනාවිධායක විසින් පිරිනමන ලදි.

පුපුරණ ද්‍රව්‍ය බැහැර කිරීම සහ රසායනික ජීවවිද්‍යාත්මක විකිරණශීලි සහ න්‍යෂ්ඨික තර්ජන හමුවේ ප්‍රතිචාර දැක්විම අරමුණු කරගනිමින් 14වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුව මීට වසර කිහිපයකට ඉහත දී 14 වන රසායනික ජීවවිද්‍යාත්මක විකිරණශීලි සහ න්‍යෂ්ඨික ප්‍රතිචාර බලඝණය ලෙස ප්‍රතිසංවිධානය කරන ලදි. පුපුරණ අපද්‍රව්‍ය බැහැර කිරීමේ ප්‍රධාන හැකියාවන් මත යැපෙමින් රසායනික ජීවවිද්‍යාත්මක විකිරණශීලි සහ න්‍යෂ්ඨික තර්ජන හමුවේ ප්‍රතිචාර දැක්වීමේ හැකියාවන් ගොඩනංවා ඇති අතර, එවන් බහුවිධ තර්ජනයකට මුහුණදීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් පිහිටුවන ලද පළමු ඒකකය මෙම 14 වන රසායනික ජීවවිද්‍යාත්මක විකිරණශීලි සහ න්‍යෂ්ඨික ප්‍රතිචාර බලඝණයයි.

එසේම පුපුරණ ද්‍රව්‍ය හඳුනාගන්නා සුනඛයන් නඩත්තු කිරීමත් සියළු පුහුණු කටයුතුත් එම බලඝණයේ රාජකාරින් ඉටු කිරීම සඳහා වන පුහුණු කටයුතුත් සිදු කිරීමේ හැකියාවන් මෙම බලඝණය සතුය.

ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුහුණු අණසක ආඥාපති, 57 වන සේනාංකාධිපති, ඉංජිනේරු බලසේනාධිපති, ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා මධ්‍යස්ථාන සේනාවිධායක, බටහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික, ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා නියෝජ්‍ය මාණ්ඩලික නිලධාරි, රසායනික අවි හරනය පිළිබඳ ජාතික අධිකාරියේ නිලධාරින් (NACWC), ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාවේ සාමාජිකයින්, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයින් රැසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Nike shoes | Nike Shoes, Clothing & Accessories