Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th February 2021 18:18:46 Hours

පුංචි ලෝකාන්තයේ යුද්ධ හමුදා සෙබලුන් කල වික්‍රමාන්විත මෙහෙයුම යුද්ධ හමුදාධිපතිගේ ඇගයුමට

මඩොල්සිම පුංචි ලෝකාන්තය නැරඹීමට ගොස් අතුරුදහන් වූ 35 හැවිරිදි ත්‍රිමාණ සජීවීකරණ ශිල්පියා සොයා අභියෝගාත්මක මෙහෙයුමක නියැලුණු ශ්‍රී ලංකා යුද්ධ හමුදා විශේෂ බලකා සෙබලුන්ගේ වික්‍රමාන්විතභාවය කැපවීම, නොපසුබට උත්සහය හා පැවරුණු කාර්යක් නොපිරිහෙලා ඉටු කිරීමේ ගුණාංගය අගයමින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අද අඟහරුවාදා (15) දින මෙම මෙහෙයුමට සහභාගී වූ සෙබළුන්ගෙන් කොටසක් යුද්ධ හමුදා මූලස්ථානයට කැඳවා සංකේතාත්මකව ඇගයීම් සහතික හා සම්මාන පිරිනැමුවේය.

මෙම පිරිස අමතමින් යුද්ධ හමුදාධිපතිතුමන්, ඔබ නැවත ඔබේ බලසේනාවට ගිය පසු පසුගියදා ඔබ විසින් සිදුකලා වූ වික්‍රමාන්විත මෙහෙයුමේ මතකයන් පිළිබඳව ඔබේ සුරතින්ම සටහනක් තබන්න. එය අනාගතයේදී ඔබ පසුපසින් එන්නා වුවන්ද පරිශීලනය කර ඔවුන් තව තවත් අභිප්‍රේරණයට ලක්වනු ඇතැයි ප්‍රකාශ කළේය. එසේම, මඩොල්සිම මෙහෙයුමේදී අනුගමනය කරනු ලැබු ක්‍රමවේදයන් සාර්ථක හා අසාර්ථක වූ අවස්ථාවන් එවිට ඔවුන් විසින් තුලනාත්මක විමර්ශනයකට ලක්කර ඒ තුළින් ඔවුන්ගේ හමුදා ජීවිතයට අත්දැකීම් එකතු කරගනු ඇත. ‍එමෙන්ම, අද දින ඔබට ලබාදෙනු ලබන ඇගයීම් සහතික හා සම්මාන ඔබ මෙන්ම ඉදිරියේදී මෙම බලකායට එක්වීමට සිටින අයවළුන් ද දිරිමත්වේ යැයි සිතමී යැයි යුද්ධ හමුදාධිපතිතුමන් පැවසීය. එසේම, ඕනෑම අවස්ථාවක ඕනෑම අභියෝගයක් නෙපසුබටව ඉටුකිරිමේ ගුණාංගය මේ අවස්ථාවේදී ඔබගේ බලකාය විසින් මනාව පිළිඹිබු කරනු ලබයි. මෙම සංකේතාත්මක ඇගයීම් සහතික හා සම්මාන ප්‍රදානය කිරිම ඒ උදාර අසමසම අද්විතියභාවය හා වෘත්තිමය භාවය ඔබගේ සහෘදයන්ට ආදර්ශයක් වනු නිසැකයි.” යනුවෙන් යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේනද්‍ර සිල්වා විශේෂ බලකායේ බලසේනාධිපති බ්‍රිගේඩියර් තුෂාර මහලේකම් සහ 4 වන විශේෂ බලකායේ අණදෙන නිලධාරී මේජර් ජි.එච්.අමිත ඇතුළු මෙම මෙහෙයුමට එක්වූ 15 දෙනෙකුගෙන් සමන්විත විශේෂ බලකා සෙබලුන් කණ්ඩායමට පැවසීය.

මේ අවස්ථාවේදී යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මඩොල්සිම පුංචි ලෝකාන්තය නැරඹීමට ගොස් අතුරුදහන් වූ ත්‍රිමාණ සජීවීකරණ ශිල්පියා සොයා ශ්‍රී ලංකා යුද්ධ හමුදා භටපිරිස් සිදුකළ සමස්ත මෙහෙයුමේ විඩියෝ පටයක් ද නරඹන ලදී. අදුරු මීදුම් හා සුළං සිහිත කාලගුණික තත්ත්වයක් මධ්‍යයේ අඩි 1200 වඩා ගැඹුරු ප්‍රපාතයක විශේෂ බලකා සෙබලුන් විසින් සිදුකරන ලද මෙහෙයුමට සහභාගී වූ නිලධාරින් සහ සියලුම සොල්දාදුවන්ට මෙහිදි යුද්ධ හමුදාධිපතිතුමන් ඇගයිම් සහතික පත්‍ර හා සම්මාන ප්‍රදානය කළේය.

112 වන බලසේනාවේ සහ විශේෂ බලකායේ භටපිරිස් පසුගිය සෙනසුරාදා (06) දින සිට අඛණ්ඩව සිදුකල මෙහෙයුමේදී අතුරුදහන් වූ ත්‍රිමාණ සජීවීකරණ ශිල්පී දිනුර විජේසුන්දර මහතාගේ දේහය අඟහරුවදා (09) දින අඩි 1200 ක ප්‍රපාතයක තිබී සොයාගනු ලැබීය. මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති කුමාර ජයපතිරණ, 112 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් අනුර දිසානායක සහ විශේෂ බලකා බලසේනවේ බලසේනාධිපති තුෂාර මහලේකම් සමගින් අණදෙන නිලධාරීන් එක්ව සිදුකළ මෙම මෙහෙයුම පුරා පැය 65 කට අධික කාලයක් සිදුකරන ලදි. Running Sneakers Store | youth nike kd low tops orange , Nike Air Max , Iicf