Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th June 2020 10:05:24 Hours

පිළිපීනයේ සිටි ශ්‍රි ලාංකීකයන් 111 දෙනෙකු දිවයිනට පැමිණිමට නියමිතව ඇති බව කොවිඩ් 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි

අද (11) දින රාත්‍රී UL – 1423 දරණ ගුවන් යානය මගින් පිලිපීනයේ සිට පුද්ගලයින් 111 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත. ඔවුන් යුද්ධ හමුදාව මඟින් පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන වෙත නිරෝධායන කටයුතු සඳහා යොමු කිරිමට නියමිත ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරනු ලබයි.

අද ‍(11) දින ඩොල්ෆින් හෝටලයෙන් (12), පස්සර නිරෝධායන මධ්‍යස්ථානයෙන් (51) ක් සහ කහගොල්ල නිරෝධායන මධ්‍යස්ථානයෙන් (32) ඇතුළු පුද්ගලයින් 95 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලියෙන් අනතුරුව, PCR පරික්‍ෂණය සිදුකර තම නිවෙස් වෙත පිටත්ව ගොස් ඇත. අද (11) දිනය වන විට ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 12,628 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් වී තම නිවෙස් වෙත පිටව ගොස් තිබෙනවා. එසේම, ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 43 ක් තුළ පුද්ගලයින් 4,965 දෙනෙකු මේ වනවිට නිරෝධායනය වෙමින් සිටී. තවද, අද සන්ධ්‍යාව වන විට තවත් වීරෝදාර නාවික හමුදා සෙබළුන් 10 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත. එසේම, තවත් වීරෝදාර නාවික හමුදා සෙබළුන් 7 දෙනෙකුට වෛරසයට ආසාදනය වී ඇති බව අද (11) දින තහවුරු වී ඇත. best Running shoes | Nike Off-White