Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th March 2019 17:13:31 Hours

පැසිපන්දු තරඟාවලියේ ශූරතාවය ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා ක්‍රීඩකයින්ට සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා ක්‍රීඩිකාවන්ට

අන්තර් රෙජිමේන්තු පැසිපන්දු තරඟාවලියේ අවසන් තරඟ පසුගිය සිකුරාදා (15) දින පනාගොඩ ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර එහිදී, පිරිමි අංශයේ ශූරතාවය ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායට සහ කාන්තා අංශයේ ශූරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායට හිමිවිය.

තරඟාවලියේ අවසන් තරඟයන්හිදී, අභියෝගාත්මක තියුණු තරඟයක නිරතවූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා ක්‍රීඩකයින් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා ක්‍රීඩිකාවන්ට තරඟාවලියේ අනුශූරතාවයන් හිමිවිය.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක තරඟාවලියේ ජයග්‍රාහකයින් වෙත කුසලාන සහ සහතිකපත් මෙහිදි ප්‍රදානය කළහ.

තරඟාවලියේ පිරිමි අංශයේ දක්‍ෂතම ක්‍රීඩකයා ලෙස ලාන්ස් කෝප්‍රල් ඊ.පී.ඩි. සොයිසා සම්මාන හිමිකරගත් අතර කාන්තා අංශයේ දක්‍ෂතම ක්‍රීඩිකාව ලෙස කාන්තා සෙබල වී. සෝබා සම්මාන හිමිකරගත්හ.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්ව, යුද්ධ හමුදා පැසිපන්දු කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් රුවන් ද සිල්වා විසින් උණුසුම් අයුරින් පිළිගත් අතර තරඟාවලියේ ජයග්‍රාහකයින් වෙත කුසලාන සහ සහතිකපත් පිරීනැමීම සඳහා ද ප්‍රධාන ආරාධිත අමුත්තා වෙත ආරාධනා කළහ.

තවද අවසන් තරඟ නැරඹීම සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් ද එක්ව සිටියහ. latest Nike Sneakers | Klær Nike