Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

20th September 2018 12:07:12 Hours

පාබල අධ්‍යක්‍ෂ ජෙනරාල් තුමන් පාබල පුහුණු පාසල්හි නිරීක්‍ෂණ සංචාරයක

යුද්ධ හමුදා පාබල බලඇණියන්හි වෘත්තීය නිපුණතාව හා කාර්යක්‍ෂමතාව වැඩිදියුණු කිරීමේ හැකියාවන් පිළිබඳ සොයා බැලීම සඳහා පාබල අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් දුමින්ද කැප්පෙටිවලාන සැප්තැම්බර් මස 16 සහ 17 දිනයන්හි පුනායි, කටුකැලියාව සහ තවුල්වැව බළඇණි පුහුණු පාසල්හි නිරීක්‍ෂණ චාරිකාවක නිරතවිය. මෙම සංචාරය අතරතුරදී, එම බළඇණි පුහුණු පාසල් නියෝජනය කරමින් නිලධාරියෙකු විසින් පුහුණු කටයුතු සහ ඉදිරි සැලසුම් පිළිබඳව පාබල අධ්‍යක්‍ෂ ජෙනරාල්තුමන් දැනුවත් කරන ලදී.

එහිදි පාබල අධ්‍යක්‍ෂ ජෙනරාල් තුමන් සාමුහික පුහුණුවේ ඇති වැදගත්කම අවධාරණය කල අතර බළඇණියක් වශයෙන් ඕනෑම අභියෝගයකට මුහුණදීම සඳහා සටන් කාර්යක්‍ෂමතාව, සුදානම, සංයෝජනය සහ ආත්ම විශ්වාසය වැඩිදියුණු කරගැනීමේ ඇති අවශ්‍යතාවය පිළිබඳව තවදුරටත් පැහැදිලි කරනු ලැබීය.

එම පුහුණු පාසල්හි සංචාරය කිරීමේ දී සේනාකාධිපතිවරුන්, බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරින්, බලසේනාධිපතිවරුන්, ප්‍රධාන උපදේශකවරු සහ උපදේශක මඩුල්ල එක්ව සිටියහ. Nike air jordan Sneakers | 2021 New adidas YEEZY BOOST 350 V2 "Ash Stone" GW0089 , Ietp