Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd July 2018 14:01:21 Hours

පාකිස්ථාන ඒකාබද්ධ මාණ්ඩලික කමිටු ප්‍රධානී මහනුවර ප්‍රදේශයේ සංචාරයක

සිව්දින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි පාකිස්ථාන ඒකාබද්ධ මාණ්ඩලික කමිටු ප්‍රධානී, ජෙනරාල් සුභායිර් මහ්මුද් හයාත් (General Zubair Mahmood Hayat, NI (M)), සිකුරාදා (29) දින පූජනීය මහනුවර ශ්‍රී දළදා මාලිගාව වැඳපුදා ගනිමින් සංචාරකයින්ගේ ආකර්ශනය දිනාගත් මහනුවර ප්‍රදේශයේ තවත් ස්ථාන කිහිපයක ද සංචාරය කරන ලදි.

මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් සහ 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් තිස්ස නානායක්කාර විසින් සංචාරක පකිස්තාන නියෝජිත පිරිස ශ්‍රී දළදා මාලිගාව පරිශ්‍රයේ දී ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

ශ්‍රී දළදා මාලිගාව, පේරාදෙණිය උද්භිද උද්‍යානය සහ නුවරඑළිය ගෝල්ෆ් ක්‍රීඩා සංකිර්ණය ආදි ස්ථාන කිහිපයක එම පිරිස සංචාරය කළහ.  

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර සී. විජේගුණරත්න ගේ ආරාධනයකට අනුව මෙරට සංචාරයක නිරත පාකිස්ථානයේ 17 වන ඒකාබද්ධ මාණ්ඩලික කමිටු ප්‍රධානී ජෙනරාල් සුභායිර් මහ්මුද් හයාත්, මෙම සංචාරය අතරතුර ප්‍රභූන් කිහිපදෙනෙකු ද හමුවීමට නියමිතය.

එමෙන්ම, එතුමන් සෙනසුරාදා (30) දින බත්තරමුල්ල පිහිටි ජාතික රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීමක් සඳහා ද එක්වන ලදි.

මෙම සංචාරය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු ද එක්ව සිටියහ. best shoes | Upcoming 2021 Nike Dunk Release Dates - Iebem-morelos