Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

31st March 2021 10:53:55 Hours

පාකිස්තාන හමුදාව සමඟ පැවැති ‘Shake Hands - 1’ යුද අභ්‍යාසය සාලියපුරදී සාර්ථකව අවසන් වේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් සහ පකිස්තාන යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් පුරා දින 15 කට අධික කාලයක් පැවැති ‘Shake Hands - 1’ යුද අභ්‍යාසයේ අවසන් නිදර්ශනය අද (30) දින උදෑසන සාලියපුර ගජබා රෙජිමේන්තු මුලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.  

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයින් ලෙස ශ්‍රී ලංකාවේ පාකිස්තානු මහකොමසාරිස් මේජර් ජෙනරල් මුහම්මද් සාද් ඛට්ටක් (විශ්‍රාමික) ( Major General Muhammad Saad Khattak) සහ මෙම යුද අභ්‍යාසයේ සංකල්පීය නිර්මාතෘ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහභාගි වූහ.

'අභ්‍යන්තර ආරක්‍ෂාව සහ ප්‍රති විප්ලවකාරි යුද උපක්‍රම’ පිළිබඳ මෙරට සිදුකළ ‘Shake Hands - 1’ යුද අභ්‍යාසය බහුවිධ කුසලතා සහිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් සහ පකිස්තාන යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් පසුගිය මාර්තු මස 17 වන දින උදෑසන සාලියපුර ගජබා රෙජිමේන්තු මුලස්ථාන පරිශ්‍රයේදී ආරම්භ විය.

පාකිස්තාන යුද්ධ හමුදාවේ නිලධාරීන් 6 දෙනෙකු හා සෙසුනිලයන් 35 ක් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිලධාරීන් 4 දෙනෙකු හා සෙසු නිලයන් 40 දෙනෙකුගෙන් සමන්විත මෙම අභ්‍යාසය ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් පවත්වනු ලැබීය. 

යුද්ධ හමුදා පාබල අධ්‍යක්‍ෂ ජෙනරල් මේජර් ජෙනරල් තිලක් හංගිලිපොලගේ පූර්ණ සම්බන්ධීකරණයෙන් පැවති මෙම ‘Shake Hands - 1’ යුද අභ්‍යාසයේ අධ්‍යක්‍ෂ ලෙස බ්‍රිගේඩියර් සංජීව ප්‍රනාන්දු කටයුතු කළ අතර නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයෙකු, අභ්‍යාස පාලකවරුන්, නිරීක්‍ෂකයින් දෙදෙනෙකු සහ එක් භඨකාර්ය සම්පාදන නිලධාරියෙකුගේ අධීක්‍ෂණය යටතේ මෙම යුද අභ්‍යාසය පැවැත්විණි.

පසුගිය අඟහරුවාදා (30) දින පැවති මෙම යුද පුහුණු අභ්‍යාසයේ අවසන් නිදර්ශනයේදී ගජබා රෙජිමේන්තු භටපිරිස් විසින් සතුරු කණ්ඩායමක චර්යා හා හැසිරීම් පිළිබඳ විමර්ශනය කර ඔවුන් උපායශීලීව යටත් කරගැනීමේ ක්‍රියාන්විතය ප්‍රේක්‍ෂකයින් මවිතයට පත්කරන ලදී.

උපාය මාර්ගික යුද මෙහෙයුම්, අභ්‍යන්තර ආරක්‍ෂාව සහ ප්‍රතිවිප්ලවකාරි සටන්ක්‍රම, ත්‍රස්තවාදයට එරෙහි ඒකාබද්ධ යුද මෙහෙයුම්, ආරක්‍ෂාව හා ලුහුබැඳීම, ත්‍රස්තවාදීන් සැඟවුණු ස්ථාන සොයා ප්‍රහාර එල්ල කිරීම, මරාගෙන මැරෙන බෝම්බකරුවන් සහ පුපුරණ ද්‍රව්‍ය හඳුනා ගැනීම, ත්‍රස්තවාදීන්ගේ බුද්ධි තොරතුරු එක්රැස් කිරීම, කැරලිකරුවන් පිළිබඳ ඔත්තු බැලීම, ප්‍රහාර සැලසුම් කිරීම හා ක්‍රියාත්මක කිරීම යනාදිය විෂය පථයන් යටතේ ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම අභ්‍යාසය 2021 මාර්තු මස 31 දින අවසන්වීමට නියමිතය. විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් මෙම අභ්‍යාසයේ නිරීක්‍ෂකයින් ලෙස කටයුතු කරති. short url link | Sneakers