26th March 2017 11:34:56 Hours
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය විසින් ක්‍රියාත්මක සිවිල් - යුද හමුදා සහයෝගිතා වැඩසටහන් මාලාවට අනුව, පසුගිය දා නිවාස දෙකක් ඉදිකිරිමට පියවර ගත් අතර, ඉන් එක් නිවසක් ‘ගෞතම දරුවෝ ආර්යා පදනමේ’ අනුග්‍රහය ඇතිව දිළිඳු පවුලක් වෙත භාරදීම ද සිදු කරන ලදි.
‘ගෞතම දරුවෝ ආර්යා පදනමේ’ මුල්‍යමය දායකත්වයෙන් ග්‍රාම නිලධාරිවරයෙකුගෙන් ලද තොරතුරු වලට අනුව, දරුවන් දෙදෙනාත් සමඟ වැලිකන්ද, අසේලපුර ප්‍රදේශයේ පැල්පතක ජිවත් වන ඒ.කේ. සුජිත් පෙරේරා වෙත මෙම පළමු නිවස ඉදිකර දෙන ලදි. මෙම ඉදිකිරිම් කටයුතු සඳහා නැගෙනහිර ආරක්ෂක සේනා භට පිරිස් ශ්‍රමදායකත්වය දැක් වූ අතර, ඒ සඳහා රුපියල් ලක්ෂ 5 ක පමණ මුදලක් වැය වී ඇත.
මෙම නිවස විවෘත කිරීමේ උත්සවය සදහා සහභාගි වූ නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි විසින් ප්‍රදේශයේ තවත් දිළිඳු පවුලක් වෙත නිවසක් ඉදිකිරීම සඳහා ද මුල්ගල තැබීම සිදුකෙරිනි. එම නිවස ද නැගෙනහිර ආරක්ෂක සේනා භට පිරිස් විසින් ඉදිකරනු ලබන අතර, එම සංවිධානය විසින්ම මේ සඳහා ද අනුග්‍රහය දක්වනු ලැබේ.
Asics footwear | UOMO, SCARPE