Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd April 2021 07:52:52 Hours

නෙට්බෝල් තරඟාවලියේ ශූරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා ‘ඒ’ කණ්ඩායමට

අන්තර් රෙජිමේන්තු නෙට්බෝල් තරඟාවලියේ අවසන් මහා තරඟය සහ ත්‍යාග ප්‍රදානෝත්සවය ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් බ්‍රහස්පතින්දා (22) දින පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවැත්විණ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කර්නල් සේනාවිධායක සහ යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා, යුද්ධ හමුදා නෙට්බෝල් කමිටුවේ සභාපති බ්‍රිගේඩියර් ජානක රත්නායක ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් මෙම අවස්ථාවට සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් ඉතා උණුසුම් අයුරින් පිළිගත්තේය.

මෙවර තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංඥා බලකාය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය නියෝජනය කරමින් කණ්ඩායම් 6 ක් සහභාගි වූහ.

අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබු ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා ‘ඒ’ කණ්ඩායම සහ ‘බී’ කණ්ඩායම අතර පැවති තියුණු තරඟයකින් අනතුරුව තරඟාවලියේ ශූරතාවය හිමිකරගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා ‘ඒ’ කණ්ඩායම සමත්විය.

යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ජයග්‍රාහකයින්ට සුභපැතුම් එක්කරමින් කුසලාන සහ සහතිකපත් පිරිනැමු අතර එම අවස්ථාවට ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කර්නල් සේනාවිධායක සහ යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා ද එක්විය.

සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට මුල්තැනක් දෙමින් පැවති අවසන් මහා තරඟය දැකබලාගැනීම සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු ක්‍රීඩාලෝලීන් රැසක් සහභාගි වූහ.

තරඟාවලියේ දක්‍ෂතා දැක්වූ ක්‍රීඩිකාවන් පහතින් දැක්වේ.

දක්‍ෂතම පන්දු විදින්නිය - කාන්තා සෙබල එස්.එම්.ඒ.එන්. ජයසුන්දර

දක්‍ෂතම මැද පෙල රකින්නිය - කාන්තා සෙබල බී.ඒ.ඒ. බණ්ඩාර

දක්‍ෂතම පන්දු රකින්නිය - කාන්තා සෙබල බී.ඩි.එස්. සිල්වා

දැල්පන්දු රැජින - කපිතන් පී.එම්.එන්. අබේගුණවර්ධන