Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th July 2021 17:33:35 Hours

නුඳුරේදී විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් තිලක් වීරකෝන්ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

නුඳුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශය සහ ත්‍රිවිධ හමුදා මූලස්ථානය ඉදිකිරීම් ව්‍යාපෘති කළමණාකරන ඒකකයේ අතිරේක අධ්‍යක්‍ෂ මේජර් ජෙනරල් තිලක් වීරකෝන් සඳුදා (26) දින උදෑසන යුද්ධ හමුදා මුලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය.

එහිදී, දශක තුනකට අධික සේවා කාලයක් සම්පූර්ණ කරමින් විශ්‍රාම යන මේජර් ජෙනරල් තිලක් වීරකෝන්ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට ලක්විය.  

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙකු වන මේජර් ජෙනරල් තිලක් වීරකෝන් සිය සේවාකාලය තුලදී යුද්ධ හමුදාවේ සහ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ වගකිවයුතු උසස් තනතුරු රැසක් හොබවා ඇත. ශ්‍රී ජයවර්ධනපුර ආරක්‍ෂක මූලස්ථාන සංකිර්ණයේ ඉදිකිරීම් ව්‍යාපෘතියේ රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශය සහ ත්‍රිවිධ හමුදා මූලස්ථානය ඉදිකිරීම් ව්‍යාපෘති කළමණාකරන ඒකකයේ අතිරේක අධ්‍යක්‍ෂ ලෙස ද හෙතෙම කටයුතු කළේය.

මෙම සුහද හමුවේදී, යුද්ධ හමුදාධිපතිතුමන් මේජර් ජෙනරල් තිලක් වීරකෝන් සමඟ සුහදව අදහස් හුවමාරු කරගත්තේය. එහිදී, විශ්‍රාම යන මේජර් ජෙනරල් තිලක් වීරකෝන්ගේ අනාගත අපේක්‍ෂාවන් පිළිබඳ විමසු යුද්ධ හමුදාධිපතිතුමන් ඒ වෙනුවෙන් සුභපැතුම් ද එක් කළේය.  

එහිදී, යුද්ධ හමුදාධිපතිතුමන් පිරිනැමු සුභපැතුම් වෙනුවෙන් ස්තූතිය පුදකළ මේජර් ජෙනරල් තිලක් වීරකෝන් රාජකාරි ඉටුකිරීමේදී යුද්ධ හමුදාධිපතිතුමන් ලබාදුන් දිරිගැන්වීම් වෙනුවෙන් සිය කෘතඥතාවය ද පිරිනැමුවේය.

මෙම සුහද හමුව අවසානයේ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් තිලක් වීරකෝන්ගේ සේවය අගය කරමින් විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කළේය.