Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

31st May 2023 20:17:49 Hours

නුදුරේදී විශ්‍රාම දිවියට පාතබන ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත ශ්‍රී ලංකා සංඥා බලකායේ ගෞරවාචාරය

වසර 33 ක කීර්තිමත් යුද්ධ හමුදා සේවාකාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළබෙන බ්‍රිගේඩියර් ජී.ජී.ඒ ගුණසේකර යූඑස්පී වෙත හමුදා සම්ප්‍රදායානූකූල ගෞරවාචාර පුද කිරීමේ උත්සවයක් 2023 මැයි 25 දින ශ්‍රී ලංකා සංඥා රෙජිමේන්තුවේදී පවත්වන ලදී.

ගෞරවාචාර පුදකිරීමේ උත්සවය හමුදා සම්ප්‍රදායානුකූලව පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා සංඥා බලකා රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.

කඳවුරු භූමියට පැමිණී බ්‍රිගේඩියර් ජී.ජී.ඒ ගුණසේකර යූඑස්පී වෙත ප්‍රදාන දොරටුව අභියසදී භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානූකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුද කළේය. අනතුරුව, රෙජිමේන්තු ස්මාරකය අභියසදී ශ්‍රී ලංකා සංඥා බලකායේ යුද්ධයෙන් දිවිපිදු වීරෝදාර රණවිරුවන් වෙත පුෂ්පෝපහාර පුදකළ එතුමන් වෙත සරඹ භූමියේදී භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානූකූ සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකරනු ලැබීය.

ප්‍රධාන සංඥා නිලධාරි සහ ශ්‍රී ලංකා සංඥා බලකායේ කර්නල් සේනාවිධායක, මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එස් රත්නායක එන්ඩීසී හමුවිය. අනතුරුව, බ්‍රිගේඩියර් ජී.ජී.ඒ ගුණසේකර යූඑස්පී විසින් ශ්‍රී ලංකා සංඥා බලකායේ විශේෂ අමුත්තන් සඳහා වූ සමරු සටහන් පොතේ සටහනක්ද තැබීය.

එම අවස්ථාව සඳහා රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් ද එක්ව සිටියහ. සමුගැනීමේ උත්සවය නිලධාරි නිවස්නයේ පැවැති අතර රාත්‍රී භෝජන සංග්‍රහයෙන් පසුව අවසන් විය.