Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th November 2022 21:52:13 Hours

නීති විරෝධී ලෙස පොහොර නිෂ්පාදනය කරන ස්ථානයක් වැටලීමට යුද්ධ හමුදා භටපිරිස් එක් වෙයි

241 වන බලසේනාවේ රාජකාරියෙහි නියුතු 3 වන (ස්වේච්ඡා) සන්නද්ධ බුද්ධි බළකායේ භටපිරිස් වෙත ලැබුණු බුද්ධි තොරතුරක් මත, ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 24 වන සේනාංකයේ 241 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 18 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් තිරුක්කෝවිල් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සමගින් එක්ව සිදුකරනු ලැබූ වැටලීමකදී නිනතවුර් ප්‍රදේශයේ පවත්වාගෙන යමින් තිබූ අනුමත පොහොර තොගයන්හි ප්‍රමාණය වැඩි කිරීම සඳහා ලුණු සහ ප්ලාස්ටික් මිශ්‍ර කරමින් තත්ත්වයෙන් බාල පොහොර නිෂ්පාදනය කිරමේ රහසිගත ස්ථානයක් පසුගිය බ්‍රහස්පතින්දා (24) දින සිදුකරන ලද වැටලීමකදී අනාවරණය කරගෙන තිබුණි.

මෙලෙස අනුමත නොකරන විශ රසායනික ද්‍රව්‍ය මිශ්‍ර කරමින් නිෂ්පාදනය කරන ලද නීතිවිරෝධී පොහොර ටොන් 40 ක් හා පොහොර නිෂ්පාදනය කළ සැකකරුවන් 6 දෙනෙකු සමගින් පොහොර නිෂ්පාදනය සඳහා යොදා ගන්නා ලද උපකරණ තොගයක්ද මෙම වැටලීමේදී අත්අඩංගුවට ගෙන තිබේ. තවද, එලෙස අත්අඩංගුවට ගැණුනු තත්ත්වයෙන් බාල පොහොර තොගය සහ එම සැකකරුවන් පිලිබඳ වැඩිදුර විමර්ෂණ කටයුතු සඳහා නින්දවුර් පොලිස් ස්ථානය වෙත භාරදීමට යුද්ධ හමුදා භටපිරිස් විසින් කටයුතු කරන ලදී.