Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th October 2020 22:08:34 Hours

'නිරෝධායන ඇඳිරිනීතිය’ සහ ‘පොලිස් ඇඳරිනීතිය’ පැනවීමේදී සිදුකරනු ලබන නව උපායමාර්ගික ක්‍රමවේදයන් පිළිබඳ සාකච්ඡා කරයි

කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන කාර්යසාධක බලකායේ තවත් එක් සැසියක් කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරල් වෛද්‍ය එස්. ශ්‍රීධරන් ගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයින් සහ අනෙකුත් පාර්ශවකරුවන්ගේ සහභාගිත්වයෙන් අද (27) දින මධ්‍යහනේදී පැවැත්විණි.

එහිදී, කොවිඩ්-19 වෛරසය ව්‍යාප්තවීමේ වත්මන් තත්තවය, වෛරසය ආසාදිත නව පොකුරු හඳුනාගැනීම සහ දිවයින පුරා මේ වනවිට වෛරසය ව්‍යාප්ත වී ඇති ආකාරය පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. මෙම සාකච්ඡාව අතරතුරදී, සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම, ජනාකීර්ණ ප්‍රදේශවල සංචරණ සීමා පැනවීම, පොදු උත්සව නොපැවැත්වීම යන කරුණු පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරමින් දැඩි සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරන්නැයි මහජනතාවගෙන් ඉල්ලා සිටියහ.

තවද, වෛරසය ආසාදනය වූ පුද්ගලයින් වාර්තා වන විවිධ ප්‍රදේශ සඳහා නිරෝධායන ඇඳිරි නිතිය ක්‍රම දෙකක් මගින් පැනවීමට කටයුතු කරනු ලබයි. ඒ, ඇඳිරි නීතිය පනවා හුදකලා කිරීමට සහ ගම් මට්ටමින් ස්වයං නිරෝධායනය කිරීමට මෙම සාකච්ඡාව සඳහා සහභාගි වූ සියලුදෙනා එකඟවූහ. එහිදී, ඉතා ළඟින් කොවිඩ් - 19 ආසාදිතයින් වාර්ථා වන ප්‍රදේශයන් ගම් මට්ටමින් හුදකලා කර ‘නිරෝධායන ඇඳිරි නීතිය’ ද එකම ප්‍රදේශයක තැනින් තැන කොවිඩ් - 19 ආසාදිතයින් හමුවේනම් පොලිස් බලප්‍රදේශයන් වශයෙන් ‘පොලිස් ඇඳිරි නීතිය’ ද යෙදවීමට සාකච්ඡාවට සහභාගී වූ සියළුදෙනා එකඟ වූහ. එමෙන්ම, ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත වෛරසය ආසාදිතයින්ගේ පළමු ආශ්‍රිතයින් යොමු කිරීමේ ක්‍රමවේදය 91% ක පමණ විශාල සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇති අතර, ඒ සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට ප්‍රශංසාව සහ කෘතඤතාවය ද පළ කරන ලදී. එම ක්‍රමවේදය මේ වනවිට සාර්ථකව ක්‍රියාත්මක වන බව ද මෙහිදී අවධාරණය කෙරිණි.

වෛරසය පැතිරිම වැළැක්වීමට කඩිනම් ක්‍රියාමාර්ග ගනිමින් දායක වූ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වසංගත රෝග විද්‍යා ඒකකයේ අඛණ්ඩ කාර්යභාරය වෙනුවෙන් ස්තූතිය පුදකල යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, දැනට නවතා ඇති විදේශිකයන් රටට ගෙන්වීම පිළිබඳ අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් අනුව ඉදිරියේදී ක්‍රියා කිරීමට නියමිත අතර එසේ පැමිණෙන විදේශිකයින් හට PCR පරීක්‍ෂණ සිදුකිරීම, නිරෝධායන ක්‍රියාවලිය සිදුකිරීම, නවාතැන් පහසුකම් සැපයීමට අවැසි මූල්‍යමය පිරිවැය දැරීමට සිදුවන බව ද රැස්ව සිටි පිරිස අමතමින් යුද්ධ හමුදාධිපතිතුමන් පැවසීය. නිරෝධායන මධ්‍යස්ථාන වෙත යාමට අවශ්‍ය සියලුම පහසුකම්, හෝටල් සමඟ සම්බන්ධතාවයෙන් ගුවන් තොටුපලේදී කිසිදු මැදිහත් පාර්ශවයකින් තොරව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සම්බන්ධතාවයෙන් සිදුකිරීමට කටයුතු කරනු ලැබේ.

වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරල් වෛද්‍ය එස්. ශ්‍රීධරන් මහතා PCR පරීක්‍ෂණ පැවැත්වීම, ඖෂධ බෙදාහැරීම, වෛද්‍යවරුන්ට හා සෞඛ්‍ය සේවකයින්ට නිසි සෞඛ්‍යාරක්‍ෂිත මාර්ගෝපදේශයන් අනුගමනය කිරීම සහ මහල් නිවාස සංකීර්ණයන්හී වෛරසය ආසාදනය වීමේ අවධානම අඩුකිරීම යන කරුණු පිළිබඳව සහභාගී වූවන්ට විස්තර කළේය. Asics shoes | Jordan 1 Mid Tropical Twist , Where To Buy , 554724-132 , Nike Air Max 96 green Men Running Shoes