Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd November 2022 18:57:46 Hours

නිධානයක් ගොඩගනිමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට යුද්ධ හමුදා භටපිරිස්හී සහය

222 වන බලසේනාවේ භටපිරිස් කන්තලේ පොලිස් ස්ථානයේ නිලධාරීන් සමඟ එක්ව ඔක්තෝබර් මස 31 දින සිදුකරන ලද වැටලීමකදී කන්තලේ ප්‍රදේශයේ නිධානයක් ගොඩදැමීමට තැත් කළ සැකකරුවන් තිදෙනෙක් සහ ඒ සඳහා භාවිතා කරන ලද උපකරණ අත්අඩංගුවට ගනු ලැබීය.

ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරක් මත පොලිස් නිලධාරින් සමඟ එක්ව යුද්ධ හමුදා භටපිරිස් සිදුකරනු ලැබූ වැටලීම සිදුකරන අවස්ථාවේදී සැකකරුවන් නිධානය ගොඩදැමීමේ කටයුතු වල නිරතව සිට ඇත. අත්අඩංගුවට පත් සැකකරුවන් සහ එම කටයුතු සඳහා භාවිතා කළ උපකරණ ඉදිරි විමර්ශන කටයුතු සඳහා කන්තලේ පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි.