Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th January 2021 07:39:44 Hours

නැගෙනහිර පළාතේ කොවිඩ් පාලනය පිළිබඳ ආරක්‍ෂක ලේකම්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ඇතුළු බලධාරීන් සාකච්ඡාවක

නැගෙනහිර පළාතේ කොවිඩ්-19 වසංගත තත්ත්වය පාලනය කිරීම පිළිබඳ සාකච්ඡාවක් ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් ඉකුත් (26) දින මඩකලපුව දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලයේදී පැවත්විය. එහිදි ප්‍රදේශයේ වත්මන් කොවිඩ් තත්ත්වය පිළිබද විවිධ කරුණු සාකච්ඡා කෙරුණු අතර, විශේෂයෙන් නිරෝධායන මධ්‍යස්ථාන පවත්වාගෙන යෑම, එන්නත් බෙදා හැරීම, මහජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීම සහ වෛරසය පැතිරීමේ ස්වභාවය පිළිබඳව සාකච්ඡාවට බදුන් විය. එම සාකච්ඡාව සදහා දිස්ත්‍රික් ප්‍රධාන සම්බන්ධීකාරකවරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, ත්‍රිවිධ හමුදා නියෝජිතයින්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් ඇතුලු පිරිසක් සහභාගී වූහ.

මෙම සාකච්ඡාවේදී කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ක්‍රියාමාර්ග සම්බන්ධීකරණය කිරීම සඳහා ජනාධිපතිතුමන් විසින් නම් කරන ලද සියලුම දිස්ත්‍රික් ප්‍රධාන සම්බන්ධීකාරකවරුන් විවිධ පැතිකඩ ඔස්සේ ඔවුන්ගේ ප්‍රදේශයන්හී වෛරසය පැතිරීම පාලනය කිරීම සදහා ගතයුතු ක්‍රියාමාර්ගයන් පිළිබද අදහස් දැක් විය. එසේම පොලොන්නරුව, අම්පාර සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවල අදාළ සංවර්ධනයන්, පාලන ක්‍රියාමාර්ග සහ පැතිරීම අවම කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු අතිරේක පියවරයන් සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කළහ.

මෙම සාකච්ඡාව සඳහා නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් චන්න වීරසූරිය, 24 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ටී.ඩී වීරකෝණ්, 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සමන්ත සිල්වා, 23 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් නලින් කොස්වත්ත, බලසේනාධිපතිවරුන්, නැගෙනහිර පළාතේ නාවික හමුදා ප්‍රධානීන්, නැගෙනහිර පළාතේ ගුවන් හමුදා ප්‍රධානීන් සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක් සහභාගී වූහ. Sportswear Design | Nike - Shoes & Sportswear Clothing