Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st December 2018 13:43:13 Hours

නව ‘පාබල පෙළ අණදෙන පුහුණු පාඨමාලාව’ හැදැරූ 66 වන සේනාංකයේ සෙබළුන් 162 ක් විසිරයයි

අරසපුරකුලම් බළඇණි පුහුණූ පාසල වෙතින් මෙහෙයවන ලද පුරා මාසයක කාලයක් පුරා පැවති පාබල පෙළ අණදෙන පුහුණු පාඨමාලාව හැදැරු කිලිනොච්චි ප්‍රදේශයේ සේවයේ නියතු යුද්ධ හමුදා සාමාජිකයින් 162 දෙනෙකු සඳහා සහතික පත් හා කුසලාන බදාදා (28) දින පැවති ත්‍යාග ප්‍රදානෝත්සවයේදි පිරිනමනු ලැබුහ.

66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් දීප්ති ජයතිලකගේ මගපෙන්වීම මත පවත්වන ලද මෙම පුහුණු පාඨමාලාව 2018 නොවැම්බර් මස 1 දින ආරම්භ කරණ ලද අතර, මෙම බළඇණි පුහුණු පාසල වෙතින් පවත්වන ලද ප්‍රථම පාඨමාලාව සඳහා කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ඇති බළඇණිවලට අයත් යුද්ධ හමුදා සාමාජිකයින් සහභාගිවිය.

මෙම පාඨමාලාවේදි ආනාගත ක්‍රියාන්විත අවශ්‍යතාවයන්ට කොමිෂන් නොලත් නිලධාරීන් වශයෙන් සාර්ථකව මුහුණ දීමට අවශ්‍ය ආත්ම විශ්වාසය වර්ධනය කිරිම මෙන්ම, මූලික යුධ උපක්‍රම හා ප්‍රායෝගික දැනුම වර්ධනය කිරිම යන ප්‍රධාන අරමුණු මෙම පුහුණුව තුළින් ලබාදෙන ලදි.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පැමිණි 661 වන බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් ප්‍රියන්ත ජයවර්ධන විසින් පාඨමාලාවේ අවසන් දේශනය සිදු කරනු ලැබු අතර, කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි, 66 වන සේනාංකයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි හා එම සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් රැසක් ද සහභාගිවී සිටියහ.

සාර්ථකව පාඨමාලාව නිමකළ සෙබළුන් සඳහා වටිනා සහතික පත් ප්‍රධානය කරන ලදි. මෙම පාඨමාලාව හැදෑරු ඛණ්ඩ අතුරින් 15 (සෙවි) ශ්‍රී ලංකා සිංහ ‍රේජිමේන්තුව නියෝජනය කල ඛණ්ඩය හොඳම පෙළ වශයෙනුත්, 1 වන ගජබා රෙජිමේන්තුවේ කෝප්‍රල් ආර්. සි. පි. සි රාජපක්‍ෂ දක්‍ෂතම සෙබලා වශයෙනුත්, එම රෙජිමේන්තුවේ කෝප්‍රල් එස්. ඒ. ආර්. මහගෙදර දක්‍ෂතම පෙළ අණදෙන්නා වශයෙනුත්, මෙහිදි ත්‍යාග හිමිකරගන්නා ලදි.latest Running Sneakers | adidas Yeezy Boost 350