Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th November 2017 08:50:06 Hours

නව බලාපොරොත්තු රැසක් සමඟින් යුද්ධ හමුදා පැරා ක්‍රීඩා උළෙල - 2017 නිමාවේ

යුද බිමේ තුවාල ලබා රණක්ෂිතයට පත් යුද්ධ හමුදා ක්‍රිඩකයින් 450 කට වැඩි පිරිසක් දියගම ක්‍රීඩාංගණයේ දී පැවති යුද්ධ හමුදා පැරා ක්‍රිඩා උළෙල - 2017 දි ඔවුන්ගේ විශිෂ්ඨ ක්‍රිඩා දස්කම් මැනවින් ප්‍රදර්ශණය කල අතර, නව බලාපොරොත්තු රැසක් සමගින් තෙදින වාර්ෂික යුද්ධ හමුදා පැරා ක්‍රිඩා උළෙල සිකුරාදා (24) දින නිමාවට පත්විය.

විවිධ මලල ක්‍රිඩා හා ධාවන ඉසව් රැසක් ආවරණය වන පරිදි මෙම තරඟාවලිය දින 03 ක් පුරාවට පැවැත්විනි.

යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ආරාධනයෙන් මෙම ක්‍රිඩා උළෙලේ සමාප්ති උත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ගරු ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතා සහභාගි විය.

යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක හා යුද්ධ හමුදා පැරා ක්‍රිඩා කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු විසින් ප්‍රධාන ආරාධිත අමුත්තා පිළිගන්නා ලදි.

විචිත්‍ර ගීත අනුවාදනයන් වා තලයට මුසු කරමින් යුද්ධ හමුදා තුර්ය වාදක කණ්ඩායම විසින් ඉදිරිපත් කරන ලද තුර්ය වාදක සංදර්ශනය ක්‍රීඩා උළෙලට ගෞරවය හා ගාම්භීරත්වය එක් කල අතර ජවන හා පිටිය ක්‍රිඩා ඉසව් වලින් අනතුරුව 450 කට වැඩි ක්‍රිඩකයින් සඳහා ත්‍යාග ප්‍රදානෝත්සවය ඒ සමගින් ආරම්භ විය.

ජය ඝෝෂා හඩ මධ්‍යයේ ශ්‍රී ලංකා පාබල හමුදාව මෙම තරඟාවලියේ සමස්ථ ශුරයින් බැව් නිවේදනය කරන ලදී.

තරඟාවලියේ ජයග්‍රාහකයින් වෙත මෙම ජය සංකේත ප්‍රදානය සහ සුබ පැතුම් එක් කිරිමට ප්‍රධාන ආරාධිත අමුත්තා සමඟින් යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක ද එක් විය.

යුද බිමේ දි රණවිරුවන් ලෙසින් කලකදි දස්කම් දැක්වු මෙම ක්‍රිඩකයින්ගේ සුවිශේෂි ක්‍රීඩා කුසලතාවයන් මහත් ඇගයිමට ලක් කරමින් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වන ආරක්ෂක ලේකම්තුමන් විසින් සන්ධ්‍යා භාගයේදි උත්සව සමාප්ති නිල ප්‍රකාශණය සිදුකරන ලදී.

තම දේශය වෙනුවෙන් තම තාරුණ්‍යය කැප කරන ලද රණවිරුවන් 800 කට වැඩි පිරිසක් මෙම තුන් දින තරඟාවලියේ දි තම ක්‍රීඩා කුසලතාවයන් පෙන්නුම් කරන ලදි.

රෝද පුටු මේස පන්දු, බයිසිකල් පැදීම, රෝද පුටු මැරතන්, වොලිබෝල්, අත් පන්දු, වායු තුවක්කු වෙඩි තැබිම්, දුනු විදිම, බැඩ්මින්ටන්, පිහිනුම්, දුර සහ උස පැනිම, හෙල්ල සහ කවපෙත්ත විසිකිරිම, සවි ඉසිලිම, ක්‍රිකට්, වෙරළ අත් ‍පන්දු, මේස පන්දු, බර ඉසිලිම සහ මලළ ක්‍රීඩා වැනි විවිධ තරඟ ඉසව් රැසකින් මෙම ක්‍රිඩා උළෙල සමන්විත විය.

2017 ජුලි මාසයේ සිට පවත්වන ලද විවිධ තරඟ ඉසව් වල අවසන් මහා තරඟ මෙම යුද්ධ හමුදා පැරා ක්‍රිඩා උළෙල දි පවත්වන ලදි.

මෙම ක්‍රීඩා උළෙල සාර්ථක කරගැනිම සඳහා සිය දායකත්වය දැක්වු සියළුම රණවිරුවන්ට යුද්ධ හමුදා පැරා ක්‍රිඩා කමිටුව වෙනුවෙන් එහි ලේකම් කර්නල් රාජා ගුණසේකර සිය කෘතඥතාවය පුද කරන ලදි.

මිට ඉහතදි දශක 2 ක් පුරා යුද්ධ හමුදා ආබාධිත ක්‍රිඩා උළෙල නමින් මෙම ක්‍රීඩා උළෙල පැවති අතර, 2010 වර්ෂයෙන් පසු යුද්ධ හමුදා පැරා ක්‍රිඩා උළෙල වශයෙන් නම් කරන ලදි.

යුද්ධ හමුදා ක්‍රිඩා දින දර්ශනයේ සුවිශේෂි ස්ථානයක් මෙම යුද්ධ හමුදා පැරා ක්‍රිඩා උළෙලට ලබා දි ඇති අතර යුද්ධයෙන් ආබාධිතව රණක්ෂිතයට පත් විශාල රණවිරුවන් පිරිසක් ඔවුන්ගේ ජවන හා පිටිය ක්‍රිඩා කුසලතාවයන් ප්‍රදර්ශණය කිරිමට සෑම වර්ෂයකම මහත් උනන්දුවකින් බලා සිටි.

මෙවර ක්‍රිඩා උළෙලේ දි ජාත්‍යන්තර වශයෙන් පිලිගත් මලල ක්‍රිඩකයින් 2 ක් ඇතුළුව දකුණූ කොරියානු මලල ක්‍රීඩා කණ්ඩායමක් ශ්‍රී ලාංකීය මලල ක්‍රීඩකයින් සමඟ මෙහිදි මලල ක්‍රිඩා ඉසව් සඳහා සහභාගි විය.

රාජ්‍ය නිලධාරින්, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරින්, මෙම ක්‍රිඩකයින්ගේ පවුල් වල සාමාජිකයින් සහ ආරාධිතයින් රැසක් සමාප්ති දින තරඟ ඉසව් නැරඹිම සඳහා පැමිණ සිටියහ.

buy shoes | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ