Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th April 2024 15:42:21 Hours

ධූරයෙන් නික්මයන 24 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් වෙත 11 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භටපිරිස්හි ගෞරවාචාරය

11 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් විසින් ධූරයේ රාජකාරී නිමාවෙන් පසු නික්මයන 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්. චන්ද්‍රසිරි ආර්ඒපී යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් හට 2024 අප්‍රේල් මස 02 දින සමුගැනීමේ උත්සවයක් සංවිධානය කරන ලදී.

ප්‍රධාන දොරටුව වෙත සපැමිණි සේනාංකාධිපතිතුමන් 11 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි මේජර් ඩී.එම්.එන්. පත්මසිරි ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. ඉන් අනතුරුව, භටපිරිස් විසින් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකළහ.

එම අවස්ථාව සනිටුහන් කරමින් සේනාංකාධිපති තුමන් බළඇණියේ කාර්ය මණ්ඩලය සමඟ සමුහ ඡායාරූප කිහිපයකට ද පෙනී සිටියේය.

එහිදී, නික්ම යන සේනාංකාධිපතිතුමන් භටපිරිස් ඇමතීමෙන් අනතුරුව, සියලු නිල තේ පැන් සංග්‍රහයකට සහභාගී විය.

මෙම අවස්ථාවට 243 පාබල බලසේනාවේ බලසේනාධිපති, යුද්ධ හමුදාජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් පිරිසක් ද සහභාගී වූහ.